කෙහෙළියගේ නම දැමූ පාසලේ නම ගලවා ඉවත් කෙරේ (වීඩියෝ)

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නමින් නම් කර තිබූ කුණ්ඩසාලේ ‘කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලයේ’ නම වෙනස් කර තිබෙනවා.

ඒ අනුව එම පාසල මෙතැන් සිට (17) ක්‍රියාත්මක වන පරිදි හැඳින්වෙන්නේ කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය යනුවෙන්.

මහනුවර – වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලේ කොට්ඨාසයට අයත් මෙම පාසලේ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව මෙම විද්‍යාලය මින් ඉදිරියට කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් හැඳින්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමෙන්තුවේ ව්‍යුහ කමිටුව මගින් ඉදිරිපත් කොට තිබු යෝජනාවට අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල දෙමව්පියන්, වෘත්තීය සමිති වෙතින් ඉදිරිපත් කර තිබු යෝජනා ද සැලකිල්ලට ගනිමින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රධාන ප්‍රාථමික විදුහල් අතරින් ප්‍රමුඛ විද්‍යාලයක් වන මෙම විද්‍යාලය වර්ෂ 1939 එස්.ඩබ්ලිව්.ආර්. ඩි බණ්ඩාරනායක විදුහල නමින් ආරම්භ වු අතර, කලින් කල හඳුන්වා දෙනු ලැබූ විවිධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමී ව නත්තරම්පොත විද්‍යාලය, කුණ්ඩසාලේ මහා විදුහල වැනි නම්වලින් ද මෙකී පාසල ජනප්‍රිය වුණා.

මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ වික්ටෝරියා ජලාශය ඉදිකිරීමෙන් අනතුරුව ක්‍රමයෙන් එහි ගොඩනැගිලි ජලාශයට යට වූ අතර, කොටසක් දැනට ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටුවා ඇති බණ්ඩාරනායක ජාතික පාසල වෙත ගෙන යනු ලැබුවා.

කලක් වැසීයාමේ තර්ජනයට ද ලක් වූ මෙම විදුහල ‘ළඟම පාසල හොඳම පාසැල ව්‍යාපෘතිය’ යටතේ 2012 වසරේ දී කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලය යන නමින් නව ගොඩනැගිල්ලක් ඉදිකොට සංවර්ධනය කිරීමටයි කටයුතු කෙරුණේ.

අද වන විට දරුවන් 530 දෙනෙකුට සිප් සෙවන සලසන මෙම විදුහලේ ගුරු මණ්ඩලය 23කින් සමන්විත වන අතර වත්මන් විදුහල්පතිවරයා වන්නේ ඩබ්ලිව්. ඒ.එම්. සි. කේ අධිපත්තු මහතා යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55


?