කෙහෙල්බද්දර වෙඩි තැබීමේ සිද්ධියට කතක් ඇතුළු පහක් දැලේ

පසුගිය 06 වනදා ගම්පහ, කෙහෙල්බද්දර ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයකදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු පිරිස අතර කාන්තාවක් ද සිටින බවයි පොලිසිය පැවසුවේ.

පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරින් සිදුකළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙතියාගොඩ, මාකේවිට සහ කොටුගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

ඔවුන් අවුරුදු 23ත් 39ත් අතර වයස්වල පසුවන්නන් වන අතර ඝාතනය සිදුකිරීමට භාවිත කළ රිවෝල්වරය සහ සැකකරුවන් භාවිත කළ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය අද (27) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය 06 වනදා සිදු වූ මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු විසි දෙකක් වූ තරුණයෙකු ඝාතනයට ලක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
00:00
Video thumbnail
අපේ මන්ත්‍රීවරුන් දෙන්නෙක් අතුරුදන් - පරාජයේ හේතුව රීසා සරූක් කියයි
07:37
Video thumbnail
ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මාලිමා හෙංචයියන් නොවන ස්වාධීන තිදෙනෙක් පත් කරන්න ඕනි
08:09
Video thumbnail
2026 ලෝක කුසලානයේ සූදානම ගැන පැතුමා කියයි
01:30
Video thumbnail
ලේකම්තුමියට ප#ර දීපු මතුගම සජබ සභාපති පොලිසියට භාරවෙයි..ජගත් විතානත් පොලිසියට එයි
03:04
Video thumbnail
අයවැය ජයගත්ත ගැම්මෙන් කොළඹ නගරාධිපතිතුමිය කළ කතාව
01:23
Video thumbnail
කොළඹ නගර සභාවේ අයවැය මාලිමාව ගැම්මෙන් ජයගනී
02:39
Video thumbnail
බඩියෙක් නිසා විමල්ට නහුතෙට මළ පනියි.."හරිනි ඔයා ඕන බඩියෙක්ව තියාගන්න"
04:50
Video thumbnail
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් CID‍යට පැමිණිල්ලක්..මොඩියුලයක ඇතුළත් නොවියයුතු වෙබ් අඩවියක නමක් තියෙනවා
08:16
Video thumbnail
DIGගෙන් හදවතට වදින සුපිරි කතාවක්..දිට්වා කළ විනාශයෙන් අහිංසක ජීවිත තවමත් පස් ය# ඉන්නවා
03:41


?