කෙහෙල්බද්දර වෙඩි තැබීමේ සිද්ධියට කතක් ඇතුළු පහක් දැලේ

පසුගිය 06 වනදා ගම්පහ, කෙහෙල්බද්දර ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයකදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු පිරිස අතර කාන්තාවක් ද සිටින බවයි පොලිසිය පැවසුවේ.

පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරින් සිදුකළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙතියාගොඩ, මාකේවිට සහ කොටුගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

ඔවුන් අවුරුදු 23ත් 39ත් අතර වයස්වල පසුවන්නන් වන අතර ඝාතනය සිදුකිරීමට භාවිත කළ රිවෝල්වරය සහ සැකකරුවන් භාවිත කළ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය අද (27) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය 06 වනදා සිදු වූ මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු විසි දෙකක් වූ තරුණයෙකු ඝාතනයට ලක්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50
Video thumbnail
IMF එක කියන හැම පදයටම නටන්න ඕනි නෑ - IMF එකඟතාවයකට නොපැමිණීම ගැන හර්ෂ කළ හෙළිදරව්ව
08:36
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07
Video thumbnail
සජබ රංජිත් මාධ්‍යවේදීන් එක්ක පැටලෙයි ?ඔයාලට ප්‍රශ්නයක්ද අපි එකතු වෙන එක..ආණ්ඩුවට කඩේ යනවද ?
02:17