AFC Banner
Empty Ad
Empty Ad

කෙසෙල්වත්තේ දෙනුවන් නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍ය තුළ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල් වත්තේ දෙනුවන් චතුරංග නමැත්තාගේ ගෝලයා පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමග යි.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

ඊයේ (21) කෙසෙල් වත්ත පොලිස් වසමේ සුචරිත මහල් නිවාසය අසල දී මෙම සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී රුපියල් 500,000කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20යි, මිලි ග්‍රෑම් 900 ක් සමග ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් 300,000ක් ද සන්තකයේ තබාගෙන සිටි කොළඹ 12, සෙරැස්තියන් මාවත පදිංචි වයස අවුරුදු 19 පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා.

ඉදිරි විමර්ශන කටයුතු සඳහා කෙසලේවත්ත පොලිස් ස්ථානය වෙත සැකකරුව භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?