කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙක් බඩුත් එක්කම පොලිසියට මාට්ටු

සංවිධානාත්මක අපරාධ පාතාල ක්‍රියාකාරකම් සහ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ සමීපතමයකු අයිස් මත්ද්‍ර‍ව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද දීප ව්යාප්ත විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම යටතේ විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය I හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති පොලිස් පරික්ෂක පි.කේ.ඩි. ආර්.ඒ.කේ. දිසානායන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.12.18 වන දින වත්තල පොලිස් වසමේ අංක 53/4/ඒ, පල්ලිය පාර, වත්තල ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත ඇත.

එහි දී අයිස් මත්ද්‍ර‍ව්‍ය ග්‍රෑම් 40 සන්තකයේ තබාගෙන සොරකම් කරන ලද යතුරු පැදියක් මගින් ප්‍ර‍වාහනය කරමින් සිටි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයකු මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද රුපියල් 34,000.00 ක්, විද්‍යුත් තරාදියක් හා ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මොහු සංවිධානාත්මක අපරාධ පාතාල ක්‍රියාකාරකම් සහ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ සමීපතමයකු බවත් මොහු විසින් මීට පෙර මත්ද්‍ර‍ව්‍ය ජාවාරම් කිරිම ඇතුළුව නිති විරෝධි ක්‍රියා සිදුකිරිම සම්බන්ධව චෝදනා ලද පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?