Empty Ad
AFC Banner
Empty Ad

කෙසෙල්බද්දර පද්මෙගෙ මිතුරාට වෙඩි තැබීමට සහාය දුන් දෙදෙනකු පොලිස් භාරයට

මිනුවන්ගොඩ – පත්තඬුවන හන්දියේ දී පෙරේදා (26) ත්‍රිරෝද රථයක නිදා සිටි පුද්ගලයෙකු ඉලක්ක කර තැබූ වෙඩි ප්‍රහාරයට ආධාර අනුබල දීමේ චෝදනාව මත තවත් පුද්ගලයින් දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (28) පෙරවරුවේ මෙම සැකකරුවන් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් අතර එක් කාන්තාවක් ද වනවා.

අදාළ වෙඩිතැබීම සඳහා යොදාගත් යතුරුපැදියේ ලියාපදිංචි අංකය තහවුරු කර ගැනීමෙන් පසු එම යතුරුපැදිය අයත් කාන්තාව ජාඇල – තුඩැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය පැවසුවේ.

එම යතුරුපැදිය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ද ඊයේ (27) රාත්‍රියේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගත්තා.

මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල වීමෙන් තුවාල ලබා ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව ඝාතනයේ මහා මොළකරු ලෙස සැලකෙන කෙසෙල්බද්දර පද්මෙගෙ පාසල් මිතුරෙකු බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?