කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට ගසාගෙන ගිය අයෙක් බේරාගැනේ (ඡායාරූප)

කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට හසු වී ගසාගෙන ගිය පුද්ගලයෙක්ව බගවන්තලාව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා බේරාගැනීමට හැකිව තිබෙනවා.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔය ඊයේ (19) පස්වරුවේ පිටාර ගැලීමත් සමඟ සැඩපහරට හසුව එම පුද්ගලයා ගසාගෙන ගොස් තිබුණා.

මෙම පුද්ගලයා කෙසෙල්ගමුඔය හරහා ඉදිකර ඇති පාලමක් මතින් බගවන්තලාව, කිලානි වතුයායේ පිහිටි ඔහුගේ නිවසට යාමේ දී මෙලෙස සැඩපහරට හසුව තිබෙනවා.

සැඩපහරට හසු වූ මෙම පුද්ගලයා ගසක අත්තක එල්ලී සිටිය දී ඉන් මුදාගැනීමට පොලිසිය සහ ප්‍රදේශවාසීන් විසින් කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

2 2 3
2 2 3
2 2 3
2 2 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?