spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෙනෙක් මාත් එක්ක ෆොටෝ එකක් ගහන එකටත් මම දැන් චුට්ටක් අකමැතියි

රහල් අල්විස් කියන්නෙ තරුණ පරම්පරාව ආදරෙන් වැළඳගත් කටහඬක අයිතිකරුවෙක්.ඒත් දැන් වසර කීපයක් තිස්සෙ රහල් අල්විස් නිහඬයි.මේකට හේතුව අහන්න වගේම රහල් මේ දවස් වල මොකද කරන්නෙ කියලා දැනගන්න අපි ඔහුව සුහද කතාබහකට සම්බන්ධ කරගත්තා.

රහල් මේ දවස් වල මොකද වෙන්නේ ?

මේ දවස් වල මගෙ සැලෝන් එක සැලෝන් rebel එකේ වැඩ කරගෙන rebel බෝයිස්ලත් එක්ක බිසී වෙලා ශේප් එකේ පැත්තකට වෙලා ඉන්නවා.

කොහොමද රහල් මේ දවස් දවස් වල ජීවිතේ?

ඇත්තටම මාර දුකක් තියෙනවා අපේ රටේ වෙන දේවල් එක්ක සහ අපිට වෙන දේවල් අපිට උන දේවල් එක්ක.ඒ වගේම අපේ ජීවිතයේ හොඳම කාලේ අපිට නැති උන එක ගැන මාර දුකයි.දුක නැති කිරීමේ මාර්ගය හොයාගෙන සතුටින් ජීවත් වෙලා ඉන්නවා.

මොකක්ද රහල් දුක නැති කිරීමේ මාර්ගය?

මේ අර්බුදය ඔලුවෙන් අයින් කරන්න ඕන.ඒක එක්ක ජීවත් වෙන්න ගියාම අපි stress වෙනවා වැඩියි.ඒ කියන්නේ තියෙන දෙයක් කරගෙන තියෙන විදියට කාලබීලා ජීවත් වෙනවා.අපි කොහොම දැඟලුවත් මේ අර්බුදයෙන් ගොඩ එන්න දැන් අමාරුයි.මුන් ඒකට ඉඩ දෙන්නෙත් නෑ.

ඇයි මේ දවස් වල රහල් නිහඬවෙලා ඉන්නේ ?

2019 වගේ ඉඳන් මං චුට්ටක් සයිලන්ට් වෙලා හිටියා.බෝම්බ ප්‍රශ්න ආවා,කොරෝනා,ඊට පස්සේ අර්බුද..මේ හැමදේටම වැඩිය තවත් ලොකු බෝම්බයක් තියෙනවා.Super star,Dream star Real star වගේ දේවල් තරු බිහි කරනවා රැයෙන් රැයට.කිසිම ප්‍රතිපත්තියක් නැහැ.කිසිම දැක්මක් නැහැ.හතු පිපෙනවා වගේ මල් පිපෙනවා.ඉතින් මං ඒ ගොල්ලන්ටත් පාඩුවේ යන්න දීලා පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා.

ඇයි එකපාරටම සැලෝන් එකක් දාන්න හිතුවෙ?

මම human hair කියන එක ලංකාවට ගෙනත් තියෙනවා.කොණ්ඩෙ තට්ටෙ තියෙන අය, කොණ්ඩෙ යන අය, පිළිකා සුව උන අය මේ අය මානසිකව විඳවන තරම් මම දැකලා තියෙනවා.ඉතින් මම හිතුවා ඒ ගොල්ලන්ටත් සැලොන් එකෙන් වැඩක් කරගන්න පුලුවන් වෙයි කියලා.ඉතින් ලස්සන සැලොන් එකක් මම open කළා.

සැලොන් එකට Rebel කියලා නම දාන්න හේතුව?

Rebel කියන එක රහල් කියන එකත් එක්ක පොඩ්ඩක් ලඟින් ගියා.ඒ වගේම rebel කියන එකේ english meaning එක යන්නේ කැරලිකාරයෝ.ඒ කියන්නේ ආණ්ඩු විරෝධී කිසිම දෙයක් අහන්නේ නැති හිතුවක්කාර පණ්ඩිත කියන එක.ඔය වගේ සේරම එකතු වුණා.සාමාන්‍ය ඔය ඔක්කොම මගෙත් තියෙන නිසා rebel සහ රහල් ලඟින් ගියා.ඒ නිසා ඒක නමට දැම්මා.

රහල් අල්විස් ට තාමත් කේන්ති යනවද?

ටිකක් කේන්ති යනවා.

රහල් චණ්ඩියෙක්ද?

අනේ නෑ මම ගහගන්න යන්නේ නෑ.මට ගැහුවොත් මම ගුටි කනවා මිසක්.මෙහෙමයි ඉතින් එක එක්කෙනාට තියනවා ලක්ෂණ.සමහරු පෙරේතයි සමහරු කුහකයි සමහරු ඉරිසියයි.මගේ තියෙන්නේ ඉතින් මට චුට්ටක් තරහ යනවා.චුට්ටක් පණ්ඩිතයි.ඕක තමා ඉතිං තියෙන්නෙ.හැබැයි මගේ තරහවෙන් කිසි කෙනෙක්ට අයහපතක් වෙන්නේ නෑ.මට එකපාරටම පිස්සෙක්ට වගේ ඩෝං ගාලා තරහ යන්නේ නෑ.ඉවසලා ඉවසලා බැරිම තැන තරහ යන වෙලාවල් තියෙනවා.

ආයෙත් ගායකයෙක් විදියට අපිට රහල් ව දකින්න බැරිවෙයිද ?

සැලොන් එකේ වැඩ යන අතරතුර මම ආයෙත් රහල් අල්විස් ව ගේනවා.රහල් අල්විස් කියන කෙනාව ගෙනාවෙත් මම එයාව අයින් කළෙත් මමම තමයි.එයාව ආයෙත් ගේන්නෙත් මමමයි.

ඇයි මේ ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න හේතුව?

මම සෑහෙන්න අයින් වෙලා ඉන්නේ.tv shows වලට යන්නෙම නැති තරම්.shows වලටත් යන්නේ නැති තරම්.කෙනෙක් මාත් එක්ක ෆොටෝ එකක් ගහන එකටත් මම දැන් චුට්ටක් අකමැතියි.මොකද මම දැන් පැත්තකට වෙලා ඉන්නේ.මාව කෙනෙක් අඳුර ගන්නවටත් මං අකමැතියි.ඒ තරමටම මම අයින් වුණා.මං අර කිව්ව ප්‍රතිපත්ති නැති අය දැන් රඟනවා වැඩියි.ඉතින් ඒ නිසා මට දැන් ආයෙත් හිතුන රහල් ව ගේන්න ඕන කියලා.මම ආයෙත් රහල් අල්විස්ව ගේනවා

ඉතිං රහල්ට shows වලට invitation ඉන්නෙ නැද්ද?

මට අනිත් අයට සාපේක්ෂව ගොඩක් ආරාධනා එනවා අඩුයි.ඒක වෙන්නේ එක එකපාරටම හිට් වෙන සෙට් එක නිසා.එයාලට එන්න කියනවා එයාලා එනවා ඉවරයක් නෑ.අපි එහෙම ලේසියෙන් එන්නෙත් නෑ.programmes වලට මම එහෙම වැඩිය යන්නෙ නෑ.ඒ නිසා මිනිස්සුන්ට අපිව අමතක වෙලා ඇති.ඒ නිසා shows අඩුයි.

ඒ කියන්නේ රියැලිටි තරු නිසා රහල් ට තිබ්බ තැන දැන් නැති වෙලා ද?

මගේ ප්ලේස් එක කිසිම විදියකින් මට අඩු වෙන්නේ නෑ.අදටත් මගේ fan base එක ඉන්නවා.මම කොතන ගියත් අයියේ ඔයාගේ සින්දුවක් කියන්න කියනවා.ඔයා කරපු සින්දු ලස්සනයි කියලා කියනවා.ඒ නිසා ඒ බේස් එක තියෙනවා.ආර්ටිස් කෙනෙක් කිව්වම එයාගෙ යම්කිසි වෙනසක් තියෙනවා.දැන් ඉන්න අයට රඟපාන්න කිව්වොත් හා මං එන්නම් අරහෙ යන්න කිව්වොත් හා මං එන්නම්..ඕවා තමයි දෙන උත්තර.කිසිම ප්‍රතිපත්තියක් නෑ.මට කී දෙනෙක් නම් Act කරන්න එන්න කිව්වද?
කොච්චර dramas වලට මට කතා කරාද..මම කියන්නේ මම රහල් අල්විස් කියන කැරැක්ටර් එක රඟපාන්න යවන්නේ නෑ.මට රඟපාන්න පුළුවන් මං ඒක දන්නවා.හැබැයි මේ කවුරුත් දන්නෑ කැරැක්ටර් එකක් මේන්ටේන් කරන විදිය.

රහල් මොකද හිතන්නේ ලංකාවේ දේශපාලනය ගැන?

ලංකාවේ ඉන්න ඉන්න හොර හැත්ත සහ ගොන් හැත්ත නිසා ලංකාව ගොඩ දාන්න බෑ.අපි කොච්චර ෆයිට් කරත් මුන් එක්ක බෑ.

රහල් අල්විස් තාම තනිකඩයි ද?

ඔව් ඔව් තාම සිංගල්.එහෙම එෆෙයාස් නෑ.මොකද මම එෆෙයාස් එහෙම ඔලුවට දාගන්නේ නෑ.ඊට පස්සේ ඔළුව කන එක තමා සිද්ධ වෙන්නේ.ඒ නිසා අද කාලේ තනියම ජීවත් වෙන්නත් අමාරු එකේ කපල් වෙලා කොහොමද ජීවත් වෙන්නේ.පුළුවන් කාලයක් තනියම යනවා

රහල් ට love affairs කීයක් විතර තිබිලා තියෙනවද?

කීපයක්ම තිබිලා තියනවා කාලෙන් කාලෙට තිබිලා තියෙනවා.

පළවෙනි එක එක පටන් ගත්තේ කොයි කාලේද?

ඕලෙවල් ද මන්දා..දැන් එයා මැරි කරලා බබාලා හදාගෙන ලස්සනට ජීවත් වෙනවා

රහල් ආදරේ ගැන මොනවද හිතන්නේ?

ඇත්තටම ආදරේ හොඳයි ආදරය හම්බුන අයට.මම නම් කියන්නේ අම්මා තාත්තාගේ ආදරය විතරයි ඇත්ත.ඔය කවුරු කොච්චර පණ දෙන්න හිටයත් අන්තිමේදී යනවා.ළඟ ඉන්න එකම බැඳීම අම්මයි තාත්තයි පමණයි.ආදරය කියන්නේ ඩීල් එකක්.හැබැයි දෙමවුපියන්ගේ ආදරයට ඩීල් නෑ.

ගෑනු ළමයි කීදෙනෙක්ට බූට් තියලා තියද? බූට් කාලා තියෙනවද?

මං කාටවත් හෝප්ස් දීලා නෑ මම ඔයාව මැරි කරනවා කියලා.එහෙම මං කාටවත් කියලා නෑ.හැබැයි මම කෙලින්ම කියනවා එෆෙයා එකක් තියන් යද්දි මම මෙහෙම කෙනෙක් මට ඔයාව සෙට් වෙන්නේ නෑ කියලා,ඒ නිසා අපි දෙපැත්තට වෙමු කියලා.එහෙම නම් මම ගොඩක් දේවල් නතර කරලා තියෙනවා.මම බූට් කාලත් නෑ බූට් දීලත් නෑ.

රහල් ගායනා කරපු ගීත අතරින් රහල් කැමතිම රහල්ගේ ගීතය මොකක්ද?

මම ආසම හිතට හොරා song එකට.ඒ song එක තමයි රහල් අල්විස් ව බිහි කළේ.වෙන අයගේ charactors ඇවිල්ලයි සිංදුව එන්නේ.හැබැයි හිතට හොරා ගීතය අහම්බෙන් ආව සිංදුවක්.මගෙ ක්ලාස් එකේ මට එහා පැත්තෙ හිටිය යාලුවා තමයි සිංදුව ලිව්වේ.මෙහා පැත්තේ හිටිය යාලුවා තමයි music කළේ.මැද හිටිය මම තමයි සින්දුව කිව්වේ.ඒක තමයි මිනිස්සු මාව තදින්ම වැලඳගත්ත පළවෙනි සිංදුව.

රහල්ගේ ජීවිතයේ ඉදිරි වැඩ මොනවද?

සැලෝන් එකේ වැඩ කරගෙන යනවා.මං දැම්මේ සැලොන් එකක් නෙමෙයි,ඒක ඇත්තටම බ්‍රෑන්ඩ් එකක්.ඉස්සරහට ආයෙත් ලස්සන සිංදු ටිකක් ගේනවා.මිනිස්සු එක්ක සතුටින් ,උදව් පදව් කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා

සංවාදය සචිනි සත්සරණි

Dasatha Lanka News

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?