කෘෂිකර්මාන්තය නවීකරණය සඳහා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සහාය ගන්නා බව ජනපති පවසයි

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සඳහා කැලිෆෝනියා විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව ජනපති පවසයි.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට සහ නව කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා රජය කැලිෆෝනියා විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ඊයේ (16) පැවති ඇමරිකා එක්සත් ජනපදය – ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිෂන් සභා වැඩසටහනේ 70 වැනි සංවත්සරය අමතමිනි.

ආහාර සපයාගැනීමට අවශ්‍යකරන සම්පත් නොමැති දූපත් රාජ්‍යයන්ට සහ මැදපෙරදිග රටවලට ආහාර සැපයීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සිංගප්පූරු ආයෝජකයින් සමඟ සාකච්ඡා කළ බවත් ඒ සඳහා අවශ්‍ය ඉඩම් සොයාගෙන කෘෂිකර්මාන්තය නවීකරණය කරන ලෙස උපදෙස් ලබා දුන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

නව කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලය, තේ පර්යේෂණ ආයතනය (TRI) සමඟ ඒකාබද්ධ කර ශ්‍රී ලංකාවේ කෘෂි පර්යේෂණ ක්ෂේත්‍රය වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලීමට ඇමරිකානු ආයතන කිහිපයක සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසීය.

කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේදී මහාචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක වැනි ෆුල්බ්‍රයිට් ආදි ශිෂ්‍යයන් අවශ්‍ය වනු ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉදිරි වසර දහය තුළ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය වැඩිදියුණු කිරීම කෙරෙහි රජයේ වැඩි අවධානයක් යොමුව ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මෙම දැවැන්ත ව්‍යාපෘතියේදී ගුරුවරුන් සහ පුහුණුකරුවන් පුහුණු කිරීමේ දී ඇමරිකා එක්සත් ජනපදයේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව වැඩිදුරටත් පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා සම්පත් දායකයින් මෙරට ගෙන්වා ගැනීම ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්ව සහ ආධාර මගින් සිදු කෙරෙන බව ද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
විශේෂයෙන්ම ෆුල්බ්‍රයිට් කොමිසම ක්‍රියාත්මක වීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් සහ ඇමරිකාවෙන් විවිධ ක්ෂේත්‍රවල දැනුම සහ වෘත්තීය නිපුණතාව ලද ශිෂ්‍යත්වලාභීන් 3000 ක් පමණ සිටිනවා. ඔවුන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහි විශාල බලපෑමක් ඇති කර තිබෙනවා වගේම ඔවුන් අපේ සමාජය පෝෂණය කර තිබෙනවා.

දෙරටේ මෙම විධිමත් අධ්‍යාපන හුවමාරුවට වසර 70 ක් සපිරෙනවා. එය පළමුවෙන්ම සිදුවුණේ ඇමරිකානු මිෂනාරිවරුන් යාපනයට පැමිණීමත් සමගයි. දෙවනුව කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ලංකාවට පැමිණි අවස්ථාවයි. 20 වැනි සියවසේ මීළඟ අවස්ථාව වූයේ ජනාධිපති වුඩ්‍රෝ විල්සන් (Woodrow Wilson) විසින් යටත් විජිත රාජ්‍යයන්ට නිදහස සහතික කළ කරුණු 14 ප්‍රකාශයට පත් කිරීම යි.

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සබඳතා අධ්‍යාපනය සහ සංස්කෘතිය මත පමණක් නොව ආර්ථික ආධාර, දෙරට සමාන ස්ථාවරයන් දැරූ දේශපාලන ප්‍රශ්න, විද්‍යාව, තාක්ෂණය ඇතුළු බොහෝ ක්ෂේත්‍ර ඔස්සේ විහිද තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපතිනි ජුලී චන්ග් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිසමේ විධායක අධ්‍යක්ෂ සන්දර්ශි ගුණවර්ධන යන මහත්මිහු ද මෙහිදී අදහස් දැක්වූහ.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදිත් ජයසිංහ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ සහ රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?