කෘත්‍රිම බුද්ධිය සෞඛ්‍ය සේවාවටත් ?

2022 වසරේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාලව සිදුකෙරුණ පර්යේෂණ පත්‍රිකා ඇතුලත් ශ්‍රී ලංකා සෞඛ්‍ය පර්යේෂණ සඟරාව (Sri Lanka Journal of Health Research) එළිදැක්වීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කර තිබෙනවා.

ඉදිරි වසරවලදී කෘතිම බුද්ධිය සෞඛ්‍ය සේවාවේ විප්ලවීය වෙනසක් ඇති කරන බව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පර්යේෂණ සඟරාව එළිදැක්වීම සිදු වූ අතර මෙය එහි දෙවැනි වෙළුමයි.

එමෙන්ම පරිපාලන කටයුතු විධිමත් කිරීමේ සිට රෝග විනිශ්චය නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීම දක්වා, කෘතිම බුද්ධිය සෞඛ්‍ය සේවා වෘත්තිකයන් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සත්කාර සැපයීමට බල ගන්වන බව ද පෙන්වා දුන් බව සඳහන්.

මෙරට වෛද්‍ය පීඨ 11 ක් වන බවත්, මෙවැනි නවීන තාක්ෂණික මෙවලම් සමග සෞඛ්‍ය සේවාව ද ඉදිරියට යා යුතු බවත් වෛද්‍ය විෂයමාලාවට කෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණික විෂයන් ඇතුලත් කිරීම සහ එමගින් සෞඛ්‍ය සේවාවේ ඉදිරිය තව තවත් ශක්තිමත් කිරීම මෙන්ම නවක පරපුර තාක්ෂණික යුගයට සැළසුම් සහගතව අවතීර්ණ කිරීමේ ඇති වැදගත්කම පිළිබදව ද අවධානය යොමු විය යුතු බව ද‌ මෙහි දී සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?