කූරගල රජමහා විහාරස්ථානයේ ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙකු මියයයි

කූරගල රජමහා විහාරස්ථාන භූමියේ ඉදිරිකරමින් පවතින ගොඩනැගිල්ලකින් ඇදවැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අදාල පුද්ගලයා ඊයේ පස්වරුවේ මෙලෙස අඩි 20 ක් පමණ ඉහල සිට ඇදවැටී ඇති බවයි.

මරණකරු වයස අවුරුදු 27 ක් පමණ වන පරගොඩ, බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරිරය බලංගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර පොලිසිය සිද්ධිය සම්බන්දයෙන් වැඩි දුර විමර්ශන සිදු කරනවා.