කුළුදුල් ලෝක කුසලානය දෝතට ගත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාවෝ (ඡායාරූප)

දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කාන්තා එක්දින ලෝක කුසලානය පළමුවරට තමන් සතුකර ගන්නට ඉන්දීය කණ්ඩායමට ඊයේ (02) රාත්‍රියේ හැකියව ලැබුණා.

නවි මුම්බායි හි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේ දී ඉන්දියාව ශූරතාව දිනාගත්තේ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලකුණු 52කින් පරාජය කරමින්.

වර්ෂාව හේතුවෙන් පැය දෙකක පමණ ප්‍රමාදයකින් ආරම්භ වූ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදීමට කාසියේ වාසිය හිමිකරගත් දකුණු අප්‍රිකානු නායිකාව කටයුතු කළා.

ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජයනය ගත ඉන්දීය පිතිකාරිනියන් පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවී 298ක අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

අනතුරුව ඉන්දීය ක්‍රීඩිකාවන්ගෙන් හිමි වූ ලකුණු 299ක ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් සියල්ල පන්දුවාර 45යි පන්දු 05ක් තුළ ලකුණු 246කට සීමා කරන්නට ඉන්දීය පන්දු යවන්නියන්ට හැකියාව ලැබුණා.

ඒ, අනුව දකුණු අප්‍රිකාව පරාජය කරමින් ඉන්දීය කාන්තා කණ්ඩායම සිය කුළුඳුල් එක්දින ලෝක කුසලානය තමන් සතුකර ගත්තා.

අවසන් මහා තරගයේ වීරවරිය ලෙස ෂෆාලි වර්මා සම්මාන හිමිකර ගත් අතර, මෙවර කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ වීරවරිය ලෙස ඉන්දීය ක්‍රීඩිකා දීප්ති ෂර්මා තේරී පත් වුණා.

මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දීය, කාන්තා සහ පිරිමි කණ්ඩායම් දිනාගත් පස්වන ක්‍රිකට් ලෝක කුසලානය මෙය වනවා.

572983981 1241977567959631 5375205833864817948 n
574441806 1241988737958514 6400065144021974321 n
573339248 1242012021289519 3320241775671834074 n
572885093 1242012074622847 1315585057297902893 n
573623773 1242012087956179 53298037375291848 n
573597954 1242012304622824 1633267243689113682 n
576881788 1242035704620484 2045634892643845933 n
574009000 1242035567953831 8659196102679291229 n
573980248 1242035474620507 7344200581137650688 n
573576743 1242035237953864 691499671632257772 n
574604119 1242035121287209 5660224589126929706 n
573398134 1242034907953897 1218554534533222683 n
573480321 1242035011287220 8894976071726110756 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?