කුහ්නමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට හෙළිවෙයි

පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්ෂණයකට පවා භාජනය වූ මැතිව් කුහ්නමන්ගේ පන්දු යැවීමේ ක්‍රමය නිවැරදි බවට හෙළි ව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කුහ්නමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් වූ වාර්තාව ප්‍රකාශයට පත් කරමින් මේ බව නිවේදනය කළා.

පසුගියදා ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රෙලියාව ලැබූ ටෙස්ට් තරග ජයග්‍රහණය තුළ දී ඊට වැඩි දායකත්වයක් පන්දුවෙන් ලබා දුන් මැතිව් කුහ්නමන්ගේ පන්දු යැවීම සැකසහිත බවටයි අදහස් පළ කෙරුණේ.

මේ හේතුවෙන් ඔහුට මේ දිනවල පැවැත්වෙන චැම්පියන්ස් කුසලානය ද අහිමි වී ඇති අතර ඔහු පසුගිය සතියේ දී බ්‍රිස්බේන් හි පන්දු යැවීමේ පරීක්ෂණයකට ද යොමු කෙරුණා.

ඔහුගේ සියලුම පන්දු සඳහා වැලමිට දිගු කිරීමේ ප්‍රමාණය අංශක 15ක් ඇතුළත බවට හෙළි ව තිබෙනවා.

28 හැවිරිදි කුහ්නමන්ට ඒ අනුව ඉදිරියේ පැවැත්වෙන සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා එක්වීමට හැකි වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?