Saturday, November 9, 2024
AFC Banner
Empty Ad
AFC Banner

කුසගින්නෙන් ඉතියෝපියාවේ 1,400ක් ජීවිතක්ෂයට

ඉතියෝපියාවේ උතුරු ටයිග්‍රේ ප්‍රදේශයේ කුසගින්න හේතුවෙන් පුද්ගලයන් 1,400ක් මිය ගොස් ඇති බවට සහන සේවා නිලධාරීන් අනාවරණ කර තිබෙනවා.

පිඩාවට පත්වූවන්ට ලබාදෙන ආහාර සොරකම් කිරීමේ සිදුවීම් හේතුවෙන් ආහාර ආධාර අත්හිටුවීමෙන් පසුව මෙම මරණ වාර්තා වී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සොරකම් කිරීමේ සිදුවීම් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) සහ එක්සත් ජනපදයේ ප්‍රමුඛතම ආධාර ඒජන්සිය මාස හතරකට පමණ පෙර Tigray වෙත ආහාර ආධාර ලබාදීම නතර කරනු ලැබුවා.

පසුව Tigray බලධාරීන් විසින් කරන ලද විමර්ශනයකින් පසු හෙළිවී ඇත්තේ 500කට ආසන්න පිරිසක් අහාර සොරකමට සම්බන්ධ බවටයි.

Tigray 2020 වසරේ දී දැවැන්ත ගැටුමකට ගොදුරු වූ අතර අනතුරුව කලාපයේ සාගතයක් වැනි තත්වයන් නිර්මාණය වුණා.

පසුගිය නොවැම්බර් මාසයේදී ගැටුම අවසන් වූයේ ඉතියෝපියානු රජය සහ Tigray People’s Liberation Front (TPLF) අප්‍රිකානු සංගමය (AU) විසින් මැදිහත් වූ සාම ගිවිසුමක් අත්සන් කිරීමෙන් අනතුරුවයි.

යුද්ධයේ වැඩි කාලයක් තුළ කලාපය අවහිර වූ අතර එය මානුෂීය ආධාර බෙදීමට ද බොහෝ දුරට බලපෑම් ඇති කර තිබුණා.

අප්‍රිකානු සංගමයේ නියෝජිත, හිටපු නයිජීරියානු ජනාධිපති Olusegun Obasanjo, සඳහන් කළේ දෙවසරක ගැටුමෙන් 600,000ක් පමණ මිය ගිය බවයි.

සිය දහස් ගණනින් සිවිල් වැසියන් මිය ගොස් ඇත්තේ ගැටුම්, කුසගින්න සහ සෞඛ්‍ය පහසුකම් නොමැතිකම හේතුවෙන් බවටයි සහන කණ්ඩායම් පෙන්වා දෙන්නේ.

ලෝක ආහාර සංවිධානය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය මිලියන හයකට පමණ ආධාර කිරීමට සූදානම් වුව ද ඔවුන්ගේ පරිත්‍යාග දේශීය වෙලඳපොලවල් තුළ අලෙවි වන බවට අප්‍රේල් මාසයේදී අනාවරණ වීමෙන් පසු ආහාර ආධාර බෙදාහැරීමට විරාමයක් ප්‍රකාශයට පත් කෙරුණා.

විදෙස් මාධ්‍ය අනාවරණ කළේ WFP සහ USAid වැනි ආධාර ආයතනවල ලාංඡන සහිත ආහාර ඇසුරුම් අගනුවර වන Mekelle ඇතුළු Tigray හි වෙලඳපොලවල දක්නට ලැබුණු බවයි.

කෙසේ වෙතත්, ආහාර ආධාර දූෂිත ලෙස වෙනස් කළේ ද නැතහොත් මුදල් අවශ්‍යතාවයෙන් පෙළෙන ආධාර ලබන්නන් විසින් එය වෙළඳපල හිමිකරුවන්ට විකුණා තිබේ ද යන්න මෙතෙක් පැහැදිලි වී නැහැ.

WFP සහ USAid ජුනි මාසයේදී ඉතියෝපියාවේ සෙසු ප්‍රදේශවලට ද ආහාර ආධාර අත්හිටුවන බව නිවේදනය කළා.

USAid යනු ඉතියෝපියාවේ විශාලතම ආහාර පරිත්‍යාගශීලියා වන අතර ගැටුම්, නියඟය සහ අධික ජීවන වියදම හේතුවෙන් අරගල කරන මිලියන සංඛ්‍යාත ජනතාවට එමගින් ලැබෙන්නේ මහඟු උපකාරයක්.

ඉතියෝපියාවේ රජය මෙම අහාර සොරකම් චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන බව ප්‍රකාශ කර ඇති නමුත් එහි ප්‍රගතිය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

ඉතියෝපියාවේ හමුදාව සොරකම් කරන ලද ආහාර ආධාරවලින් තම හමුදාවන්ට ප්‍රතිලාභ ලැබූ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ටයිග්‍රේ අන්තර්වාර ආන්ඩුවේ ආපදා අවදානම් කළමනාකරණය පිලිබඳ කොමසාරිස් Gebrehiwet Gebrezgabher බීබීසී ආයතනය වෙත ප්‍රකාශ කර ඇත්තේ ආහාර ආධාර නතර කර ඇති අතර නැගෙනහිර, වයඹ සහ ගිනිකොන යන කලාප තුනක පමණක් පුද්ගලයන් 1,411 දෙනෙකු කුසගින්නේ මිය ගොස් ඇති බවයි.

Tigray හි අනෙකුත් කලාප තුනේ දත්ත තවමත් සම්පාදනය කර නොමැති අතර, මෙය සිදු කළ පසු මරණ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි වනු ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.

මෙම සිදුවීම්වලට අදාළව සැකකරුවන් 492 සම්බන්ධයෙන් දෙනෙකු විමර්ශනය කරමින් සිටින අතර වංචාවට සම්බන්ධ යැයි කියනු ලබන 198 දෙනෙකුට මේ වන විට චෝදනා එල්ල කර තිබෙනවා.

සැකකරුවන් අතර රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධානවල කාර්ය මණ්ඩලය, ගැටුම්වලින් අවතැන් වූවන් සඳහා ඉදිකරන ලද කඳවුරුවල සම්බන්ධීකාරකවරුන් සහ ආහාර ආධාර බෙදාහරින්නන් වන හවුල්කරුවන් ද සිටින බවයි වෛද්‍ය ගෙබ්‍රෙහිවෙට් සඳහන් කළේ.

ජුනි මාසයේදී, USAid කියා සිටියේ ආහාර ආධාර නැවත ආරම්භ කරනු ලබන්නේ උපරිම අවදානමට ලක්විය හැකි ජනගහනය වෙත ආධාර ළඟා වනු ඇති බවට විශ්වාසයක් පවතින අවස්ථාවේදී පමණක් බවයි.

ලෝක අහාර සංවිධානයේ ප්‍රකාශකයෙකු පැවසුවේ තම ආයතනය ආහාර ආධාර නැවත ආරම්භ කිරීමේ උත්සාහයන් වේගවත් කරන බවයි.

ආහාර නැවතත් සොරකම් කිරීම් සිදු නොවන බවට ක්‍රියාත්මක වන නව ක්‍රියාමාර්ග පරීක්ෂා කිරීම සඳහා ඇතැම් ප්‍රදේශවල සීමිත ආහාර ප්‍රමාණයක් බෙදා හැරීම ආරම්භ කර ඇතැයි ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?