Empty Ad
AFC Banner
Empty Ad

කුෂ් මත්ද්‍රව්‍ය මෙරටට ගෙනා ඉන්දීය දෙමාපියන් දරුවා සමගින් කොටුවෙයි

රුපියල් කෝටි දෙකක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත
ඔවුන්ගේ කුඩා දරුවෙකු ද සමග පැමිණි ඉන්දීය ජාතික යුවළක් ඊයේ (27) දින රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; වයස අවුරුදු 30 ක් පමණ වයසැති මෙම ඉන්දීය ජාතික යුවළ සමග ඔවුන්ගේ හය හැවිරිදි කුඩා දරුවා ද කැටුව මොවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි.

සැකකරුවන් ඊයේ දහවල් 11.00ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මළු දෙකක් තුළ චොකලට් ඇසුරුම් තුළ ඔතා මෙම කිලෝග්‍රෑම් දෙකක් වන මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම මත්ද්‍රව්‍යවලින් වහනය වන ගන්ධය කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය පුරා පැය ගණනාවක් පැතිර තිබූ අතර මෙම ඉන්දීය ජාතිකයින් මීට පෙර එක් වතාවක් මෙරටට පැමිණ ඇති අය බවයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ඉන්දීය ජාතිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
6
+1
2
+1
4
+1
2
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?