කුවේට් රජයේ රැකියා නියුතු ලාංකිකයින් ගැන දැනුම්දීමක්

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස්, එරට වලංගු වීසා කාලය ඉක්මවා, නීතිවිරෝධී ලෙස රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හට , එරටින් පිටවීම සඳහා කුවේට් රජය විසින් 2024 වසර සඳහා ලබා දී තිබූ “පොදු සමා කාලය” භාවිතා කරමින් ශ්‍රී ලාංකිකයන් 10,615 දෙනෙකු එරටින් පිට වී ඇති බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

කුවේට් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක් ව සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම පොදු සමා කාලය මෙම වසරේ මාර්තු මස 17 දින සිට ජුනි මස 30 දින දක්වා ලබා දී තිබූ බවත් වාර්තා වනවා.

එම කාලය තුළ ඉතා සරල ලියකියවිලි කිහිපයක් පමණක් පදනම් කරගෙන, එරටින් පිටවීම සඳහා “තාවකාලික ගමන් බලපත්‍ර ” ලබා දීම සිදු කළ අතර, මෙම කටයුතු සියල්ල කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම්ගේ පූර්ණ අධීක්ෂණය සහ උපදේශකත්වය යටතේ එම තානාපති කාර්යාලීය නිලධාරීන් විසින් සිදු කෙරුණා.

කුවේට් රාජ්‍යයෙන් පිට වන ශ්‍රී ලාංකිකයන් හට ” විශේෂ වට්ටම් ” සහිත සහන මිල ගණන් යටතේ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට, කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුන්ටරයක් සහ තවත් ගුවන් සේවා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ නියෝජිත ආයතන කවුන්ටර් කිහිපයක් ද පිහිටුවා තිබූ බව ද, එම ප්‍රවෘත්ති නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?