කුවේට් රජයේ රැකියා නියුතු ලාංකිකයින් ගැන දැනුම්දීමක්

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස්, එරට වලංගු වීසා කාලය ඉක්මවා, නීතිවිරෝධී ලෙස රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හට , එරටින් පිටවීම සඳහා කුවේට් රජය විසින් 2024 වසර සඳහා ලබා දී තිබූ “පොදු සමා කාලය” භාවිතා කරමින් ශ්‍රී ලාංකිකයන් 10,615 දෙනෙකු එරටින් පිට වී ඇති බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

කුවේට් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක් ව සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම පොදු සමා කාලය මෙම වසරේ මාර්තු මස 17 දින සිට ජුනි මස 30 දින දක්වා ලබා දී තිබූ බවත් වාර්තා වනවා.

එම කාලය තුළ ඉතා සරල ලියකියවිලි කිහිපයක් පමණක් පදනම් කරගෙන, එරටින් පිටවීම සඳහා “තාවකාලික ගමන් බලපත්‍ර ” ලබා දීම සිදු කළ අතර, මෙම කටයුතු සියල්ල කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම්ගේ පූර්ණ අධීක්ෂණය සහ උපදේශකත්වය යටතේ එම තානාපති කාර්යාලීය නිලධාරීන් විසින් සිදු කෙරුණා.

කුවේට් රාජ්‍යයෙන් පිට වන ශ්‍රී ලාංකිකයන් හට ” විශේෂ වට්ටම් ” සහිත සහන මිල ගණන් යටතේ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට, කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුන්ටරයක් සහ තවත් ගුවන් සේවා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ නියෝජිත ආයතන කවුන්ටර් කිහිපයක් ද පිහිටුවා තිබූ බව ද, එම ප්‍රවෘත්ති නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14