කුවේට් යවන්න හෝටලේක ඉන්ටවීව් තියලා – ලයිසන් නැති පුද්ගලයෙක් අල්ලයි

කුවේට් රාජ්‍යයේ රැකියාවන් ලබාදෙන බව පවසමින් කුරුණෑගල නගරයේ හෝටලයක සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටි සැකකරුවෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (11) දිනයේ සිදුකළ වටලිමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 03ක්, රැකියා අයදුම් පත්‍ර සහ තවත් ලියකියවිලි කීපයක් ද සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

විදෙස් රැකියාවන් ලබාදීම සදහා සැකකරුට ලියාපදිංචි බලපත්‍රයක් නොමැති බවයි වැටලීම සිදුකළ නිලධාරීන් සදහන් කළේ.

සැකකරු කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර ඩුබායි හී කර්මාන්ත ශාලාවක රැකියාවක් ලබා දෙන පවසා රුපියල් 08ක මුදලක් වංචා කළ කාන්තාවක්ව ද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කාන්තාව මහර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොලිස් ඒකකයට සිදුකර ඇති පැමිණිල්ලකට අනුව සැකකරිය අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?