කුවේටයේ හිංසනවලට ලක්වූ තවත් පිරිසක් දිවයිනට

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී විවිධ හිංසනවලට ලක්ව සිටි තවත් ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් පිරිසක් අද යළි මෙරටට පැමිණ තිබෙනවා.

කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් එරට හාම්පුතුන් අතින් විවිධ කරදර හිරිහැරවලට ලක් වූ මෙන්ම විවිධ රෝගාබාධයන්ට ගොදුරු වී සිටි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස නිවෙස් වල මතු වී තිබූ ගැටළු මත පැමිණීමට නොහැකිව සිටි බව සඳහන්.

මෙසේ පැමිණි පිරිස අතරින් ගෘහ සේවිකාවන් 42 දෙනෙකු සිටි අතර ඉතිරි 05 දෙනා සේවකයින්.

ඔවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පදිංචිකරුවන් වීම ද විශේෂත්වයක්.

අද උදෑසන 06.40ට ඕමානයේ මස්කට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

තවත් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 1,300ක පමණ පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේටයේ රැදී සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවන ලේකම් ජනක සමරසේකර මහතා අනාවරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින මෙම ගෘහ සේවිකාවන් කඩිනමින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අද මෙරටට පැමිණි පිරිස අතරින් වැඩි දෙනෙකු තම හාම්පුතුන් අතින් විවිධ හිරිහැර කරදරවලට ලක් වීමෙන් පසු, ඔවුන්ට හිමි වැටුප් පවා ලැබී නොමැති අතර, ඔවුන් අවසානයේ එතෙක් සේවය කළ නිවාසවලින් පළා විත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැඳී සිට තිබෙනවා.

මෙවන් පසුබිමක් යටතේ එරට රජය විසින් මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් කුවේටයෙන් පිටව යෑම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් (Runway Case ) පැනවීමක් සිදු කරනු ලබන බව සඳහන්.

මේ හේතුවෙන් මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත් වී, එරට බන්ධනාගාරය වෙත පැය 72ක කාලයක් සදහා යොමු කර, කුවේටයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡා කර, ඔවුන් වෙත පනවා තිබූ ගුවන් ගමන් තහනම ඉවත් කර ගැනීමෙන් පසුවයි මෙරටට එවීමට පියවර ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34