කුවේටයේ සිට මෘත දේහ 45ක් ඉන්දියාවට රැගෙන එයි

කුවේට් හි ඇතිවූ ගින්නකින් මියගිය ඉන්දීය ජාතිකයින් 45 දෙනෙකුගේ සිරුරු ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් මඟින් ඊයේ (14) ඉන්දියාවට රැගෙනවිත් තිබෙනවා.

ඉන්දීය කම්කරුවන් 176 දෙනෙකු ජීවත් වූ කුවේට් හි මන්ගාෆ් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක පසුගිය බදාදා මෙම ගින්න හටගෙන තිබුණා.

කුවේට් බලධාරීන් ප්‍රකාශ කළේ ගින්නෙන් පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, ඉන් 45 දෙනෙකු ඉන්දියානු කම්කරුවන් බවයි.

අනෙක් පස්දෙනාගෙන් තිදෙනෙක් පිලිපීන ජාතිකයින් බවත් අනෙක් මළ සිරුරු දෙක හඳුනාගෙන නොමැති බවයි කුවේට් බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ.

කුවේට් ජනගහනයෙන් තුනෙන් දෙකක් විදේශීය ශ්‍රමිකයන්ගෙන් සමන්විත වන අතර, එරට විශේෂයෙන්ම ඉදිකිරීම් සහ ගෘහාශ්‍රිත ක්ෂේත්‍රවල සංක්‍රමණික ශ්‍රමිකයන් මත රඳා පවතිනවා.

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් පසු කුවේටයට ගොස් සිටි ඉන්දීය අමාත්‍ය කිර්ති වර්ධන් සිං පැවසුවේ මියගිය අය හඳුනාගැනීම සඳහා DNA පරීක්ෂණ සිදුකර ඇති බවයි.

මියගිය බව තහවුරු වූ කම්කරුවන් අතර, කේරළ ප්‍රාන්තයෙන් 23ක්, තමිල්නාඩුවෙන් 07ක්, ආන්ද්‍රා ප්‍රදේශ් සහ උත්තර් ප්‍රදේශ් වලින් 03 බැගින්, ඔඩීෂා වලින් පුද්ගලයින් දෙදෙනෙක් සහ බිහාර්, පන්ජාබ්, කර්නාටක, මහාරාෂ්ට්‍ර, බටහිර බෙංගාලය, ජාර්කන්ඩ් සහ හර්යානා වලින් එක් අයෙකු බැගින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර ගින්නෙන් මියගිය අයගේ පවුල් සඳහා ප්‍රාන්ත සහ ෆෙඩරල් රජය වන්දි ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
22
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?