කුවේටයේ සිට මෘත දේහ 45ක් ඉන්දියාවට රැගෙන එයි

කුවේට් හි ඇතිවූ ගින්නකින් මියගිය ඉන්දීය ජාතිකයින් 45 දෙනෙකුගේ සිරුරු ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් මඟින් ඊයේ (14) ඉන්දියාවට රැගෙනවිත් තිබෙනවා.

ඉන්දීය කම්කරුවන් 176 දෙනෙකු ජීවත් වූ කුවේට් හි මන්ගාෆ් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක පසුගිය බදාදා මෙම ගින්න හටගෙන තිබුණා.

කුවේට් බලධාරීන් ප්‍රකාශ කළේ ගින්නෙන් පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, ඉන් 45 දෙනෙකු ඉන්දියානු කම්කරුවන් බවයි.

අනෙක් පස්දෙනාගෙන් තිදෙනෙක් පිලිපීන ජාතිකයින් බවත් අනෙක් මළ සිරුරු දෙක හඳුනාගෙන නොමැති බවයි කුවේට් බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ.

කුවේට් ජනගහනයෙන් තුනෙන් දෙකක් විදේශීය ශ්‍රමිකයන්ගෙන් සමන්විත වන අතර, එරට විශේෂයෙන්ම ඉදිකිරීම් සහ ගෘහාශ්‍රිත ක්ෂේත්‍රවල සංක්‍රමණික ශ්‍රමිකයන් මත රඳා පවතිනවා.

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් පසු කුවේටයට ගොස් සිටි ඉන්දීය අමාත්‍ය කිර්ති වර්ධන් සිං පැවසුවේ මියගිය අය හඳුනාගැනීම සඳහා DNA පරීක්ෂණ සිදුකර ඇති බවයි.

මියගිය බව තහවුරු වූ කම්කරුවන් අතර, කේරළ ප්‍රාන්තයෙන් 23ක්, තමිල්නාඩුවෙන් 07ක්, ආන්ද්‍රා ප්‍රදේශ් සහ උත්තර් ප්‍රදේශ් වලින් 03 බැගින්, ඔඩීෂා වලින් පුද්ගලයින් දෙදෙනෙක් සහ බිහාර්, පන්ජාබ්, කර්නාටක, මහාරාෂ්ට්‍ර, බටහිර බෙංගාලය, ජාර්කන්ඩ් සහ හර්යානා වලින් එක් අයෙකු බැගින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර ගින්නෙන් මියගිය අයගේ පවුල් සඳහා ප්‍රාන්ත සහ ෆෙඩරල් රජය වන්දි ප්‍රකාශයට පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41
Video thumbnail
රාජපක්ෂලාට බෝධි පූජා කරන්නත් තහනම් කරන්න යන්නේ ?ඕකට විරෝධයක් පල කරන්න ඕනි
02:57
Video thumbnail
නාමල්ට සෙත්පතා දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආශිර්වාද පූජාව - සාගර, ලක්ෂ්මන් සෙට් එකම එයි
04:44
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06