කහටගස්දිගිලිය පොලිස් වසමේ ඊතල්වැටුන වැව , ප්රදේශයේ වෙල්යායකදී කාන්තාවකට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
වයස අවුරුදු 50 ක් වන ඊතල්වැටුනවැව , මහ පොතාන ප්රදේශයේ පදිංචි ඇය තම කුඹුරට ජලය හැරවීමේ දී ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඇයගේ ඥාති පුත්රයා සමඟ ඇතිකරගන්නා ලද බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු ඥාති ප්රත්රයා විසින් උදැල්ලකින් හිසට පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව දැනට පොලිසිය සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
පහරකෑමට ලක්වූ කාන්තාව එම ස්ථානයේම මියගොස් ඇති අතර වන අද(04) දින මහේස්ත්රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය .
සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 31 ක් වන ඊතල්වැටුනු වැව , මහපොතාන ප්රදේශයේ පදිංචි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත . කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .














