කුමන ස්වරූපයකින් පැමිණියත් ත්‍රස්තවාදයට එරෙහි විය යුතුයි – මෝදි අවධාරණය කරයි

කිසිදු රටකට ත්‍රස්තවාදය සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් තිබිය නොහැකි බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ෂැංහයි සහයෝගිතා සංවිධානය හමුවේ අවධාරණය කළා.

පකිස්තානයට සහ චීනයට එරෙහිව වාග් ප්‍රහාරයක් එල්ල කරමින් ඉන්දීය අගමැතිවරයා ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවලින් ඉල්ලා සිටියේ දේශසීමා ත්‍රස්තවාදය ‘ප්‍රතිපත්තිවල මෙවලමක්’ ලෙස භාවිත කරන සහ ත්‍රස්තවාදීන්ට රැකවරණය සපයන රටවල් හෙළා දැකීමට පසුබට නොවන ලෙසයි.

“සමහර රටවල් දේශසීමා ත්‍රස්තවාදය ඔවුන්ගේ ප්‍රතිපත්තිවල මෙවලමක් ලෙස භාවිත කරන අතර ත්‍රස්තවාදීන්ට රැකවරණය ලබා දෙනවා,” යැයි අගමැති මෝදි පැවසුවේ එවැනි රටවල් විවේචනය කිරීමට පසුබට නොවිය යුතු බවයි.

“ත්‍රස්තවාදය සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් නොතිබිය යුතු” බවද වීඩියෝ සම්මන්ත්‍රණය හරහා ෂැංහයි සහයෝගිතා සංවිධානයේ 23 වැනි සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

23 වැනි සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පින්, පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද සහභාගී වුණා.

නිරීක්ෂක රාජ්‍යයන් ලෙස සහභාගී වන ලෙස ආරාධනා කර තිබුණේ ඉරානය,ටර්ක්මෙනිස්තානයට, බෙලරුසියාව සහ මොංගෝලියාවටයි.

එහිදී අදහස් දක්වමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවේ ත්‍රස්තවාදය කලාපීය සහ ගෝලීය සාමයට තර්ජනයක් වන අතර, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට සිදුවනු ඇති බවයි.

ත‍්‍රස්තවාදය කලාපීය මෙන්ම ගෝලීය සාමය සඳහා ප‍්‍රධානතම අනතුර බවට පත්ව ඇති අතර ඊට මුහුණ දීමට තීරණාත්මක කි‍්‍රයාමාර්ග අවශ්‍ය බව ඉන්දීය අගමැතිවරයාගේ අදහසයි.

ත‍්‍රස්තවාදය කුමන ස්වරූපයකින් හෝ ප‍්‍රකාශනයකින් පැමිණිය ද අප එයට එරෙහිව සාමූහිකව සටන් කළ යුතු බව ඔහු ප්‍රකාශ කළා.

මෙවැනි බරපතල ප්‍රශ්නයකදී දෙබිඩි පිළිවෙතකට ඉඩක් නොතිබිය යුතු බවත්, ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව කටයුතු කිරීමට සහයෝගීතාව වැඩි කළ යුතු බවත් ඉන්දීය අගමැතිවරයා අවධාරණය කළා.

ඔහු මෙම ප්‍රකාශය සිදුකළේ 26/11 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධව අවශ්‍යව සිටි ලෂ්කාර්-ඊ-තයිබා ත්‍රස්තවාදී සජිඩ් මීර් ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කිරීමට ඉන්දියාව සහ එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කළ  යෝජනාවක් චීනය විසින් පසුගිය මාසයේදී අවහිර කළ පසුබිමකයි.

මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 15ක් ගතවී ඇතත් එම ම්ලේච්ඡ ක්‍රියාව පිටුපස සිටි මහ මොළකරුවන් තවමත් නීතිය හමුවට පමුණුවා නොමැති හෙයින් චීනයේ මෙම පියවර ඉන්දියාවේ දැඩි විවේචනයට ලක්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?