කුමන ස්වරූපයකින් පැමිණියත් ත්‍රස්තවාදයට එරෙහි විය යුතුයි – මෝදි අවධාරණය කරයි

කිසිදු රටකට ත්‍රස්තවාදය සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් තිබිය නොහැකි බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ෂැංහයි සහයෝගිතා සංවිධානය හමුවේ අවධාරණය කළා.

පකිස්තානයට සහ චීනයට එරෙහිව වාග් ප්‍රහාරයක් එල්ල කරමින් ඉන්දීය අගමැතිවරයා ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවලින් ඉල්ලා සිටියේ දේශසීමා ත්‍රස්තවාදය ‘ප්‍රතිපත්තිවල මෙවලමක්’ ලෙස භාවිත කරන සහ ත්‍රස්තවාදීන්ට රැකවරණය සපයන රටවල් හෙළා දැකීමට පසුබට නොවන ලෙසයි.

“සමහර රටවල් දේශසීමා ත්‍රස්තවාදය ඔවුන්ගේ ප්‍රතිපත්තිවල මෙවලමක් ලෙස භාවිත කරන අතර ත්‍රස්තවාදීන්ට රැකවරණය ලබා දෙනවා,” යැයි අගමැති මෝදි පැවසුවේ එවැනි රටවල් විවේචනය කිරීමට පසුබට නොවිය යුතු බවයි.

“ත්‍රස්තවාදය සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් නොතිබිය යුතු” බවද වීඩියෝ සම්මන්ත්‍රණය හරහා ෂැංහයි සහයෝගිතා සංවිධානයේ 23 වැනි සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

23 වැනි සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පින්, පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද සහභාගී වුණා.

නිරීක්ෂක රාජ්‍යයන් ලෙස සහභාගී වන ලෙස ආරාධනා කර තිබුණේ ඉරානය,ටර්ක්මෙනිස්තානයට, බෙලරුසියාව සහ මොංගෝලියාවටයි.

එහිදී අදහස් දක්වමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවේ ත්‍රස්තවාදය කලාපීය සහ ගෝලීය සාමයට තර්ජනයක් වන අතර, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට සිදුවනු ඇති බවයි.

ත‍්‍රස්තවාදය කලාපීය මෙන්ම ගෝලීය සාමය සඳහා ප‍්‍රධානතම අනතුර බවට පත්ව ඇති අතර ඊට මුහුණ දීමට තීරණාත්මක කි‍්‍රයාමාර්ග අවශ්‍ය බව ඉන්දීය අගමැතිවරයාගේ අදහසයි.

ත‍්‍රස්තවාදය කුමන ස්වරූපයකින් හෝ ප‍්‍රකාශනයකින් පැමිණිය ද අප එයට එරෙහිව සාමූහිකව සටන් කළ යුතු බව ඔහු ප්‍රකාශ කළා.

මෙවැනි බරපතල ප්‍රශ්නයකදී දෙබිඩි පිළිවෙතකට ඉඩක් නොතිබිය යුතු බවත්, ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව කටයුතු කිරීමට සහයෝගීතාව වැඩි කළ යුතු බවත් ඉන්දීය අගමැතිවරයා අවධාරණය කළා.

ඔහු මෙම ප්‍රකාශය සිදුකළේ 26/11 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධව අවශ්‍යව සිටි ලෂ්කාර්-ඊ-තයිබා ත්‍රස්තවාදී සජිඩ් මීර් ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කිරීමට ඉන්දියාව සහ එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කළ  යෝජනාවක් චීනය විසින් පසුගිය මාසයේදී අවහිර කළ පසුබිමකයි.

මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 15ක් ගතවී ඇතත් එම ම්ලේච්ඡ ක්‍රියාව පිටුපස සිටි මහ මොළකරුවන් තවමත් නීතිය හමුවට පමුණුවා නොමැති හෙයින් චීනයේ මෙම පියවර ඉන්දියාවේ දැඩි විවේචනයට ලක්ව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30