කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අසේලට ඇප

නීතිවිරෝධී ලෙස වත්කම් අත්පත් කරගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඒකනායක වලව්වේ අසේල නමැති සැකකරු ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබුණා.

2009 වසරේ සිට 2016 වසර දක්වා කාලසීමාව තුළ අදාළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එක් වසරක් තුළ සිය වැටුපෙන් උපයාගත නොහැකි 2838911/-වටිනා දේපළ අත්පත් කර ගැනීමත් තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ චෝදනා කර, මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුද හැරීමට නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?