කුඩු රැජිණ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටාගේ” මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල සාමාජිකාවක් වන කුඩු රැජිණ හෙවත් “කුඩු බට්ටි” හා තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජගිරිය හා තංගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයකු සහ අවුරුදු 40 ක (බට්ටි) නමි අනුවර්ථ නාමයෙන් හදුන්වන කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 51 මිලි ග්‍රෑම් 600 ක් ජංගම දුරකතන 02 ක් සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු හා සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලීසිය වෙත භාරදී ඇත.

f3d92935 8432 4a2c ac53 1fdbe4151c91