Empty Ad
AFC Banner
Empty Ad

කුඩා දැරියකට මරු කැඳවූ මාලිගාකන්දේ වෙඩි තැබීමට 3ක් අල්ලයි

මාලිගාකන්ද ප්‍රදේශයේදී කුඩා දැරියකට මරු කැඳවූ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන් තුන්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් මස 17 වනදා යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් ත්‍රී රෝද රථයක ගමන් කරමින් සිටි කොටහේන ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ අවුරුදු 6ක් වූ දියණිය තුවාල ලැබුවා.

ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි දැරිය මියගොස් තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙනෙ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඊයේ සවස වැලිකඩ ඔබේසේකරපුර ප්‍රදේශයේදී මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ගිනි අවි ප්‍රවාහනයට සහ සැකකරුවන් පළා යාමට යොදාගත් ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථයක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අවුරුදු 36, 61 සහ 62 වයස්වල පසුවන සැකකරුවන් රාජගිරිය සහ ඉරක්කාමම් ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා මරදාන පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර මරදාන පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබේ හර්ෂ හම්බවෙන්න දොස්තරලා පාර්ලිමේන්තුව ඇතුළටම යයි
10:00
Video thumbnail
ඡන්ද දුන්නු අයට දුකත් හිතෙයි - සොරි ඩොට් කොම්
16:23
Video thumbnail
මම පෙන්නන්නම් මම කවුද කියලා - අසේල නරක වචනවලින් ආණ්ඩුවට අමතයි
10:57
Video thumbnail
විනාඩි 28යි - සිංදුවෙන් ආණ්ඩුව හාන්සි කරවපු රෝහිත
28:21
Video thumbnail
සජබය - මාලිමාව සැපට ඇවිලෙයි කැතයි නේද - අනේ වාඩි වෙන්න ඔයා
07:40
Video thumbnail
රට පුරා උද්ඝෝෂණ නවත්තන්න ඕනිනම් මේක කරන්න
02:58
Video thumbnail
විමල්ට ලෙඩක් වැටෙයි - හදිසියේ මාධ්‍ය හමුවක් කැඳවයි
23:10
Video thumbnail
ඇසිල්ලෙන් මිසිං වෙන රිලව් - අල්ලන්න හදන බුද්ධිමත් ආණ්ඩුව
04:37
Video thumbnail
නාමල් බූරු කුට්ටමේ ජෝකර් වගේ ඇට පිටින් ගංජා ගහපු එකා වගේ කියවනවා
10:23
Video thumbnail
PRAHARAYA | ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:26:25

?