කුඩා දැරියකට මරු කැඳවූ මාලිගාකන්දේ වෙඩි තැබීමට 3ක් අල්ලයි

මාලිගාකන්ද ප්‍රදේශයේදී කුඩා දැරියකට මරු කැඳවූ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන් තුන්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් මස 17 වනදා යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් ත්‍රී රෝද රථයක ගමන් කරමින් සිටි කොටහේන ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ අවුරුදු 6ක් වූ දියණිය තුවාල ලැබුවා.

ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි දැරිය මියගොස් තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙනෙ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඊයේ සවස වැලිකඩ ඔබේසේකරපුර ප්‍රදේශයේදී මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ගිනි අවි ප්‍රවාහනයට සහ සැකකරුවන් පළා යාමට යොදාගත් ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථයක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අවුරුදු 36, 61 සහ 62 වයස්වල පසුවන සැකකරුවන් රාජගිරිය සහ ඉරක්කාමම් ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා මරදාන පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර මරදාන පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32
Video thumbnail
නාමල්ට තියෙන බය නිසා ඔහුව හිර කරලා තියාගන්න හදන්නේ ආණ්ඩුව
06:51
Video thumbnail
22 සම්මත වුණොත් වෙන විනාශය මෙන්න ?විනිසුරුවරුන් විශාල ගණනක් අධිකරණයට පැක් කරන්නේ
05:08
Video thumbnail
වාහන එකින් එක නවත්තලා සීට් බෙල්ට් චෙක් කරන හැටි - කලින් පටන් ගන්න තිබ්බ වැඩක් - හොඳයි මේක
03:54
Video thumbnail
සංශෝධනයෙන් තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය සීමා කරනවා - දත් තිබුණට මොකද හ#පන්න බැරිනම් ?
06:11
Video thumbnail
සෞදියේ ම#ණ දඬුවම හිමිවූ තරුණයා ගැන රාසමාණික්කම්ගෙන් අනාවරණයක් - ඉදිරිපත් වෙනවා කිව්ව නීතිඥයා වෙනස්
04:17
Video thumbnail
පානදුර වෙරළට කොට්ටහච්චි බැහැලා දුන්න සුපිරි සුද්දය - පුංචි දෙයක් මුදා හරින්න කළින් දහස්වරක් සිතන්න
04:17
Video thumbnail
දඩවලින් නීතිය හදන්න බෑ ආකල්පමය වෙනසක් අවශ්‍ය වෙනවා - පොලිස්පති කිව්ව සුපිරි කතාව
02:30
Video thumbnail
අනතුරු ගැන පොලිස්පති හෙළිකරපු දේ - ගොඩක් අනතුරු වෙන්නේ විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම නිසා
04:52