මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය පොලිස් නිලධාරියෙක්ට කාන්තාවක් විසින් පොල්ලකින් පහර දීම හේතුවෙන් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
ඊයේ (19) රාත්‍රියේ සිදුවූ මෙම සිධියෙන් තුවාල ලබා ඇත්තේ පල්ලම පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක්.
පල්ලම පොලිස් වසමේ කටුපත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය අවස්ථවේ දී පුද්ගලයෙක් පරීක්ෂා කිරීමේ දී එම පුද්ගලයා පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලාගොස් තිබෙනවා.
පලාගිය සැකකරු පසුපස පොලිස් නිලධාරීන් ලුහුබඳින අවස්ථාවේ දී කාන්තාවක් විසින් පොල්ලකින් අදාළ පොලිස් නිලධාරීයාට පහර දී ඇති බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් පලාගිය සැකකරු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 2300ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.
පොලිස් නිලධාරියට පොල්ලකින් පහර දුන් කාන්තාව තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරියා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වුණේ.
මත්කුඩු සමඟ අත්අඩංගුවට ගැනුණු සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (20) ඉදිරිපත් කිරීමට නියමිතයි.




