කුඩ්ඩා පසුපස පැන්නූ කොස්තාපල්ට කාන්තාවකගෙන් පොලු ප්‍රහාරයක්

මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය පොලිස් නිලධාරියෙක්ට කාන්තාවක් විසින් පොල්ලකින් පහර දීම හේතුවෙන් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ඊයේ (19) රාත්‍රියේ සිදුවූ මෙම සිධියෙන් තුවාල ලබා ඇත්තේ පල්ලම පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක්.

පල්ලම පොලිස් වසමේ කටුපත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය අවස්ථවේ දී පුද්ගලයෙක් පරීක්ෂා කිරීමේ දී එම පුද්ගලයා පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලාගොස් තිබෙනවා.

පලාගිය සැකකරු පසුපස පොලිස් නිලධාරීන් ලුහුබඳින අවස්ථාවේ දී කාන්තාවක් විසින් පොල්ලකින් අදාළ පොලිස් නිලධාරීයාට පහර දී ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් පලාගිය සැකකරු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 2300ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

පොලිස් නිලධාරියට පොල්ලකින් පහර දුන් කාන්තාව තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරියා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වුණේ.

මත්කුඩු සමඟ අත්අඩංගුවට ගැනුණු සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (20) ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04