කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

පවතින අධික වර්ෂාවත් සමඟ කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු තුන අද (03) පෙරවරුවේ විවෘත කර තිබෙනවා.

විදුලි උත්පාදනයේ දී පිටකරන ජල පරිමාව ද සමඟ තත්පරයට ඝන මීටර් 80ක ජල පරිමාවක් ජලාශයෙන් මුදාහරින බවයි වාර්තා වුණේ.

ඒ, අනුව කුඩා ගඟේ සහ කළු ගඟේ ජල මට්ටම ද ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බැවින් කුඩා ගඟ දෙපස පහත් බිම්වල ජීවත්වන පදිංචිකරුවන් අවදානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

මීට අමතරව බුලත්සිංහල, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගංවතුර අවදානම් කොට්ඨාස ලෙස නම් කර ඇති අතර වලල්ලාවිට, දොඩංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවල ජනතාවට ද අවදානමෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසනවා.

එමෙන්ම මේ වනවිට ගිං සහ නිල්වලා යන ගංඟාවල ජල මට්ටම් ක්‍රමයෙන් ඉහළ යන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?