කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

පවතින අධික වර්ෂාවත් සමඟ කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු තුන අද (03) පෙරවරුවේ විවෘත කර තිබෙනවා.

විදුලි උත්පාදනයේ දී පිටකරන ජල පරිමාව ද සමඟ තත්පරයට ඝන මීටර් 80ක ජල පරිමාවක් ජලාශයෙන් මුදාහරින බවයි වාර්තා වුණේ.

ඒ, අනුව කුඩා ගඟේ සහ කළු ගඟේ ජල මට්ටම ද ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බැවින් කුඩා ගඟ දෙපස පහත් බිම්වල ජීවත්වන පදිංචිකරුවන් අවදානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

මීට අමතරව බුලත්සිංහල, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගංවතුර අවදානම් කොට්ඨාස ලෙස නම් කර ඇති අතර වලල්ලාවිට, දොඩංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවල ජනතාවට ද අවදානමෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසනවා.

එමෙන්ම මේ වනවිට ගිං සහ නිල්වලා යන ගංඟාවල ජල මට්ටම් ක්‍රමයෙන් ඉහළ යන බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42