රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ අනුමැතිය පරිදි, කළුබෝවිල, රාගම, මඩකළපුව, පේරාදෙණිය යන ශික්ෂණ රෝහල් 04 සඳහා සහ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා නව අධ්යක්ෂවරුන් පත් කර තිබෙනවා.
නව අධ්යක්ෂවරුන් අදාළ නිල පත්වීම් ලිපි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අමාත්‍යාංශයේ දී ඊයේ (02) සිදුකෙරුණා.
2026 අගෝස්තු මස නිකුත් කරන ලද පූර්ව දැනුම්දීම්වලට අනුකූලව මෙම පත්වීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුවන බව අමාත්‍යාංශය නිකුත් කළ අංක 01-58/2026 දරන නිල චක්‍රලේඛය මඟින් තහවුරු කර තිබෙනවා.
ඒ, අනුව කළුබෝවිල ශික්ෂණ රෝහලේ නව අධ්‍යක්ෂවරිය ලෙස වෛද්‍ය ඩබ්ලිව්. එම්.යූ එස් විජේමාන්න පත් කෙරුණ අතර, රාගම ශික්ෂණ රෝහලේ නව අධ්යක්ෂවරයා ලෙස වෛද්‍ය ඩී.ඒ.කේ පෙරේරා පත්කෙරුණා.
එමෙන්ම රිජ්වේ ආර්යා ළමා රෝහලේ නව අධ්යක්ෂවරයා ලෙස වෛද්‍ය ඩබ්ලිව්. ඒ.පී.පී රත්නසේකර පත්කෙරුණ අතර,
මඩකලපුව ශික්ෂණ රෝහලේ නව අධ්යක්ෂවරයා ලෙස පත් කෙරුනේ වෛද්‍ය සුකුණන් මහතායි.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නව අධ්යක්ෂවරයා ලෙස වෛද්‍ය ඩබ්ලිව්. එමි. සී.එමි විජේසිංහ පත්කර තිබෙනවා.
දිවයිනේ ප්‍රධාන පෙළේ ශික්ෂණ හා විශේෂිත රෝහල් පද්ධතියේ පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂමව සහ ගුණාත්මකව ඉදිරියට ගෙනයාම යාම සඳහා අමාත්‍යවරයා මෙහිදී නව නිලධාරී මණ්ඩලයට සිය සුභාශිංසන එක්කර සිටියා.
