කුකුළෙකුගේ ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියයයි

කුකුළෙකු විසින් පුද්ගලයෙකු මරා දැමීමේ සිදුවීමක් අයර්ලන්තයෙන් වාර්තා වනවා.

එම පුද්ගලයාට අයත් ගොවිපළෙහි සිටි “ආක්‍රමණශීලී” කුකුළෙකු විසින් මෙම පුද්ගලයා මරා දමා ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.

මරණයට හේතුව සොයා බැලීම සම්බන්ධයෙන් කළ පරීක්ෂණයකදී හෙළි වී ඇත්තේ ඔහුට බ්‍රහ්ම කුකුළෙකු පහර දීම හේතුවෙන් මියගොස් ඇති බවටයි.

මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ පසුගිය 2022 වසරේ අප්‍රේල් මාසයේ දී වන අතර මරණ පරීක්‍ෂණයේ ප්‍රතිඵල අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ මේ සතියේ යි.

එම ප්‍රදේශයේම වෙසෙන පුද්ගලයෙකු අධිකරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කර ඇත්තේ මෙම හදිසි සිදුවීම ගැන දැනගත් තමා මෙම පුද්ගලයාගේ නිවසට පැමිණි බවත් ඔහු සිහි නොමැතිව වැටී සිටින ආකාරය දුටු බවයි.

රුධිරය ගොඩක් මැද මුළුතැන්ගෙයි බිම වැටී සිටි ඔහුගේ එක් පාදයක පිටුපස තුවාලයක් තිබූ බවත් අසල්වැසියා වැඩිදුරටත් පවසා තිබෙනවා.

නිවසේ සිට එළිමහනේ කුකුල් කොටුවක් දක්වා ලේ ගලමින් තිබූ බවයි එම අසල්වැසියා ප්‍රකාශ කර ඇත්තේ.

ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ශික්ෂණ රෝහලක් වෙතට යොමු කර තිබූ බව සඳහන්.

මෙම පුද්ගලයා කෑ ගසන ශබ්දය අසා පැමිණි අසල්වැසියා සඳහන් කර ඇත්තේ තම මිතුරා ට සිහිය එන විට ඔහු “කුකුළා” යන වචනය ප්‍රකාශ කළ බවයි.

මියගිය පුද්ගලයාගේ මුහුණ වියළි රුධිරයෙන් වැසී තිබූ අතර, ඔහුගේ මුහුණේ කිසිදු කැපුමක් නොතිබූ බවත්, ඔහුගේ මරණයට හේතුව මාරාන්තික හෘදයාබාධයක් බවටයි මරණ පරීක්‍ෂණයේදී වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ දියණිය සඳහන් කර ඇත්තේ පියා හෘදයාබාධ තත්වයකට ද මුහුණ දී සිටි අතර ඔහුට වකුගඩු ආබාධයක් ද පැවති බවයි.

ඇය නිවසට ළඟා වූ විට, බිම පුරා රුධිරය දුටු අතර තම පියාගේ මරණයට හේතුව වූයේ කුකුළා විය යුතු බව තමාට වැටහුණු බව ද ඇය සඳහන් කර තිබෙනවා.

නියපොත්තේ ලේ ඇති කුකුළෙකු තමා දුටු බවත් තම පියාට පහර දුන්නේ එම සත්වයා බවට සැක කරන බවයි දියණිය හෙළිකර ඇත්තේ.

එමෙන්ම එම කුකුළා මීට පෙර තම දියණියට ද පහරදී ඇති බව ඇය සඳහන් කළා.

මරණ පරීක්ෂණයේදී ඇය කියා සිටියේ තමාට අවශ්‍ය වූයේ මෙම කුකුළා ඉවත් කිරීමට වුව ද විශාල සත්ව ලෝලියෙකු වූ තම පියාට එම සත්වයා තබා ගැනීමට අවශ්‍ය වූ බවයි.

බ්‍රහ්ම වැනි අනාරක්ෂිත යැයි සැලකෙන කුකුළන් අභිජනනය හෝ ළඟ තබා ගැනීමේ අන්තරායන් පිළිබඳව ද ඇය අනතුරු අඟවනවා.

ජනතාව එම සතුන්ගේ හැසිරීම් ලකුණු පිළිබඳව දැනුවත් විය යුතු අතර ඕනෑම කුරුල්ලෙකු ආක්‍රමණශීලී ලක්ෂණ පෙන්නුම් කළ විගස ඔවුන් ඉවත් කළ යුතු බවටයි ඇය මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කර ඇත්තේ.

කුකුළෙකු විසින් ඇති කරන ලද තුවාලයක් හේතුවෙන් මිනිසෙකුගේ මරණය සිදු වීමේ තත්වයන් ඉතා අසාමාන්‍ය බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

මෙම මරණය ලෝකයේ එවැනි ආකාරයෙන් මිය ගිය කිහිප දෙනාගෙන් කෙනෙකු ලෙසටයි සැලකෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?