AFC Banner
AFC Banner
Empty Ad

කුකුළු මස් සහ බිත්තර මිල ගැටලුවට විසඳුම් මේ වසර අවසානයට පෙර

කුකුළු මස් සහ බිත්තර මිල ගැටලුව මෙම වසර අවසානයට පෙර විසඳන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති කුකුළු ගොවින් හමුවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා අද (30) මේ බව සඳහන් කළා.

මේ අතර ආනයනික බිත්තර සිල්ලර වෙළඳපොළේ අලෙවිය සඳහාත් අවසර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඊට අදාළ උපදෙස් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

දැනට වෙළඳපොළේ පවතින බිත්තර හිඟය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා පාරෝභෝගික සේවා අධිකාරිය විසින් සිදුකරන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?