කීරි සම්බාවලට සමාන සහල් තොගයක් ආනයනයට පියවර – සීනි ගැනත් තීරණයක්

එළෙඹෙන උත්සව සමයේ අවශ්‍ය සහල් සැපයීම සඳහා කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගරු නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ රටේ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් වෙළඳපොළට කිරී සම්බා සහල් තොග නිකුත් නොකර තොග සඟවා ගැනීම මගින් කෘතීම ලෙස කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී ඇති බවයි. එම තත්ත්වය සමනය කිරීමට අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙන බව ද ඔහු කියාසිටියා.

ඒ අනුව කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මුහුණ දෙන ගැටළු කෙරෙහි අවධානය යොමු කර ව්‍යාපාරිකයන් සවිබල ගැන්වීමට ක්‍රමවේදයක් සැලසුම් කරන බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමෙන් පසුව සීනි තොග සඟවා ගැනීම හේතුවෙන් දේශීය වෙළඳපොළ තුළ සීනි හිඟයක් දක්නට ලැබෙන බවත් වෙළඳපොළේ සීනි බෙදා හැරීමට නොහැකි තත්ත්වයක් තුළ ආනයනකරුවන් විසින් සීනි ආනයනය කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වන බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

එබැවින්,සීනි තොග හිඟ වීමේ අවධානමක් පපවතින අතර කරුණු සියල්ල සැලකිල්ලට ගෙන සීනි මත පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඉදිරියේ දී දේශීය වෙළඳපොළේ සීනි බෙදා හැරීම යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන තිබෙන බව ද ඔහු අවධාරණය කළා.

ලංකා සතොස විසින් පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ දැරිය හැකි මිලකට ලබා දීමට සමත් වී තිබෙන අතර එළඹෙන උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 400කට ආසන්න ප්‍රමාණයක මිල අඩු කිරීමට ලංකා සතොස විසින් කටයුතු සිදු කර තිබෙන බව ද නලින් ප්‍රනාන්දු මහතා කියාසිටියා.

මහපොළ භාරකාර අරමුදලේ නිර්මාතෘ දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා ආරම්භ කළ මහපොළ උසස් අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනය නැවත දියත් කිරීමට අමාත්‍යවරයා දුන් පොරොන්දුව අනුව, එම ප්‍රදර්ශනය ලබන දෙසැම්බර් මස 13 වනදා සිට 17 වනදා දක්වා ජා-ඇල නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?