කිසිම කණ්ඩායමක් මෙවැනි පහත් වැඩක් කරනවා මීට පෙර දැක නැහැ – මැතිව්ස්

ලෝක කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ 08 වන තරගය ඊයේ (06) රාත්‍රියේ අවසන් වුණේ බංග්ලාදේශය ඉදිරියේ අනපේක්ෂිත පරාජයක් වැළඳගනිමින්.

මෙම තරගයේ සිදු වූ ඇන්ජලෝ මැතිව්ස්ගේ දැවීයාම සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රිකට් ලෝකයේ දැඩි කතාබහකට ලක්ව ඇති මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

බංග්ලාදේශ කණ්ඩායම විසින් මැතිව්ස්ගේ කඩුල්ල ලබාගත් ආකාරය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු මත පළකර ඇත්තේ, එය ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට හානිකළ සිදුවීමක් බවටයි.

කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට මැතිව්ස් එක්ව සිටියා.

එහිදී මාධ්‍යවේදීන් මෙම දැවීයාම සම්බන්ධයෙන් ඔහුගෙන් කරුණු විමසීමට කටයුතු කළා.

ඇන්ජලෝ මැතිව්ස් මෙහිදී සඳහන් කර සිටියේ වසර 15ක සිය ක්‍රිකට් දිවිය තුළ කණ්ඩායමක් මෙතරම් පහත් තත්ත්වයකට කටයුත්තක් සිදුකරන අයුරු තමන් මීට පෙර නොදුටු බවයි.

මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිව්ස් සඳහන් කළේ,

“නීතියේ එය තිබෙන්නට පුළුවන්, විනිසුරුවරයා අවුට් දෙන්නට පුළුවන්, නමුත් හැමෝම දැක්කා එතන මොනාද වෙලා තිබුණේ කියලා. මම එතන හිතාමතා කාලය නාස්ති කළේ නැහැ, මම සිතන්නේ නැහැ බංග්ලාදේශය හැර වෙනත් රටක් එතන හිටියා නම් ඔවුන් කිසිම වෙලාවක මෙවැනි තීරණයක් ගනියි කියලා.”

ඊයේ තරගයේ දී ඇන්ජෙලෝ මැතිව්ස් පන්දුවට පහරදීමට කඩුල්ලට පැමිණීමට පරක්කු වූ බවට බංග්ලාදේශ ක්‍රීඩකයින් පැමිණිලි කිරීමත් සමඟ Time Out යනුවෙන් දන්වමින් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
5
+1
4
+1
2
+1
5
+1
0
+1
4
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?