AFC Banner
Empty Ad
Empty Ad

කිවි – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඇරඹෙයි

නවසීලන්ත – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය මේ වනවිට (19) ආරම්භ ව තිබෙනවා.

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දීයි.

ඊයේ (18) දිනයට තරගය නතර කරන විට කාසියේ වාසිය දිනා පළමු ව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 302ක් ලබා සිටියා.

08 වැනි කඩුල්ලට පිටියෙහි රැඳී සිටින්නේ රමේෂ් මෙන්ඩිස් සමගින් ප්‍රභාත් ජයසූරියයි.

ටෙස්ට් වාර්තා අලුත් කරමින් සිය සිව්වැනි ශතකයක් ලබා ගැනීමට ද ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා මුල් පෙළ ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

මීට අමතරව කුසල් මෙන්ඩිස් ද ලකුණු 50ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී විලියම් ඕ’රෝක් කඩුලු 03ක් බිඳ දැමුවා.

ග්ලේන් පිලිප්ස් කඩුලු දෙකක් සහ ටිම් සවුති සහ පටෙල් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?