කියපු තරම් දුම්රිය අවලංගු වුණේ නෑ – ඇමති බන්දුල කියයි

මාධ්‍ය මගින් වාර්තා කළ ආකාරයට සේවකයින් විශ්‍රාම යෑම හේතුවෙන් දුම්රිය ගමන් වාර අවලංගු නොවූ බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විශ්‍රාම යාම හේතුවෙන් යම් දුම්රිය වාර සංඛ්‍යාවක් අවලංගු කිරීමට වුවද එය මාධ්‍ය මගින් වාර්තා කළ අකාරයේ වැඩි දුම්රිය ගමන් වාර සංඛ්‍යාවක් නොවන බවයි.

සුළු දුම්රිය වාර සංඛ්‍යාවක් අවලංගු වූ විට එය විශාල ප්‍රමාණයක් ලෙස මාධ්‍ය මගින් පෙන්වීම සිදු කළ බවද එම නිලධාරීහු පෙන්වා දී තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ කටුනායක ගුවන්තොටුපළට වැඩි සංචාරකයින් ප්‍රමාණයක් පැමිණීම නිසා ඉන්ධන සැපයීම සඳහා වැඩි දුම්රිය සංඛ්‍යාවක් පසුගිය දිනවල යෙදවීමට සිදු වූ බවත්, එම හේතුව නිසාවෙන්ද දුම්රිය ධාවනය තරමක් අවම කිරීමට සිදු වූ බවයි.

මාධ්‍ය වාර්තා කළ ආකාරයට දුම්රිය ගමන්වාර අවලංගු නොවූ බවට ඉදිරියේදී කරුණු පෙන්වා දීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළා.

තවද නිලධාරීන් විශ්‍රාම යාම හේතුවෙන් යම් දුම්රිය වාර සංඛ්‍යාවක් අවලංගු වූවේ නම් එයද මෙම මස අග වන විට අවසන් කිරීමට ඇති හැකියාව පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසූ අතර, එහිදී නිලධාරීන් පැවසුවේ ඒ සඳහා අවශ්‍ය පත් කිරීම් මේ වන විටත් සිදු කරමින් පවතින නිසා මේ මස අග වන විට එය සිදු කළ හැකි බවයි.

එසේම පසුගිය වසර අගදී විශ්‍රාම ගොස් ඇත්තේ දුම්රිය රියදුරන් 10 දෙනෙකු පමණක් බවත් ඔවුන් පෙන්වා දුන්නා.

එසේම එළඹෙන පෙබරවාරි මුලදී පවතින ධාරිතාව අනුව නව දුම්රිය කාලසටහනක් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

මීට අමතරව “ඇල්ල-ඔඩිසි” වැනි සංචාරක ආකර්ශනය සහිත දුර ගමන් දුම්රිය සේවාවන් සඳහා ටිකටිපත් මිලදීගැනීම 100%ක්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ඇනවුම් කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්වුණා.

එසේම (203 අධිකාරිය වූ) මෝටර් වාහන පනතේ 158 වගන්තියේ (2) සහ (3) උපවගන්ති සමග කියවිය යුතු 237 වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 ජූලි 07 දිනැති අංක 2287/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සඳහා කාරක සභාවේ අනුමතිය ලබාගැනීමද මෙහිදී සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40