කියනකන් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ – ඇමති නලින්ද මහින්දට කෙලින්ම කියයි

රජය මඟින් ලිඛිතව දැනුම්දීමක් සිදුකරන තෙක් නොසිට අවශ්‍ය නම් නිල නිවසින් පිටත්ව යාමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද (21) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණය දැනුම්දීම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ප්‍රශ්නය – “ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරනවා හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසක් සම්බන්ධයෙන්, එකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශයක් කරනවා, මම මහින්ද රාජපක්ෂ මට පියුමක් දුන්නොත් හෙට වුනත් යන්න කැමතියි කියන එක, ඔබතුමාලා ඒ සම්බන්ධයෙන් ලිපියක් යවනවද ?”

පිළිතුර – “මේ තියෙන්නේ 1886 අංක 04 දරණ ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත, මේ පනත සම්මත කරපු පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා හිටියේ නැති වුණාට පාර්ලිමේන්තු ගණනාවක් නියෝජනය කළා මේ පනත් ක්‍රියාත්මක කරපු, ලංකාවේ ජනාධිපතිවරයා විදියට හිටියා හිටපු ජනාධිපතිවරයාගේ හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුගේ හෝ වාසය සඳහා උචිත නිවාසයක් නොසපයන අවස්ථාවක අවස්ථාවට උචිත පරිදි හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු
ජනාධිපතිවරයාගේ වැන්දඹුවට හෝ හිමි විය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන මාසික දීමනාවක් හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුව ගෙවිය යුතුයි පනතේ තියෙනවා. මං හිතනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මේක තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. කියනකන් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
15
+1
1
+1
0
+1
2
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07