AFC Banner
Empty Ad
Empty Ad

කිඹුලන් 100ක් මරා දැමූ කිඹුල් ගොවි මහතා

“ක්‍රොකොඩයිල් X” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන තායි කිඹුල් ගොවියෙකු විසින් කිඹුලන් 100 කට වැඩි පිරිසක් මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සුළි කුණාටු තත්ත්වයක් ඇති වීමෙන් පසුව එම සතුන් වටකර තිබෙන ආරක්ෂක වැට විනාශ වීම නිසා එසේ එම සතුන් මරා දමා ඇති බව සඳහන්.

එම සතුන් රඳවා තැබූ ස්ථානය විනාශය පත්වීම සහ කිඹුලන් රඳවා තබා ගැනීමට තරම් විශාල හෝ ආරක්ෂිත ස්ථානයක් නොතිබීම හේතුවෙන් කිඹුලන් ඉවතට යාමේ අවධානමක් මතුව තිබීම නිසා එලෙස මරා දමා තිබෙනවා.

උතුරු තායිලන්තයේ Lamphun හි මෙම කිඹුල් ගොවිපොළ පවත්වාගෙන යන 37 හැවිරිදි මෙම පුද්ගලයා මෙලෙස මරා දමා ඇත්තේ, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති උරගයින් විශේෂයක් බවයි එරට බලධාරීන් පවසන්නේ.

මෙලෙස මරා දැමූ කිඹුලන් මීටර් 4 (අඩි 13) දක්වා දිග සත්වයන් බව විදෙස් මාධ්‍ය තවදුරටත් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?