කෑගල්ල මහ රෝහලේ කාර්ය මණ්ඩලය විරෝධතාවයක

කෑගල්ල මහ රෝහල ඉදිරිපිට අද (29) දහවල් එම රෝහලේ කාර්ය මණ්ඩලය විරෝධතාවයක නිරත වුණා.

එම රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදීමේ සිදුවීමක් මුල්කරගනිමින් රෝහල් කාර්ය මණ්ඩලය මෙලෙස විරෝධතාවයක නිරත වූ බවයි දසත වාර්තාකරු පැවසුවේ.

එහිදී විරෝධතාවයේ නිරත පිරිස සඳහන් කළේ රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සලසා දෙන ලෙසයි.

කෑගල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෝහලේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් ඊයේ (28) දහවල් සිට අද (29) දහවල් දක්වා වර්ජන ක්‍රියාවලියක නිරත වුණා.

කෑගල්ල රෝහල තුළ සේවය කළ මුඛ, හනුක හා මුහුණ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුට පුද්ගලයෙකු විසින් රෝහල් පරිශ්‍රය තුළ දී ඊයේ (28) පහරදීමක් සිදුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?