AFC Banner
Empty Ad
Empty Ad

කැළණි ගඟ, කුඩා ගඟ සහ අත්තනගලු ඔය පිටාර ගලයි – ප්‍රදේශ කිහිපයක පහත් බිම් ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාපතනයත් සමඟ කුකුළේ ගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් මේ වන විට විවෘත කර තිබෙනවා.

ඒ, අනුව ඉන් තත්ත්පරයට ඝන මීටර් 78ක ජලධාරිතාවක් කුඩා ගඟට මුදා හරින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීම නිසා බුලත්සිංහල – මෝල්කාව මාර්ගයේ දඹල, ඇටඹගස් හංදිය සහ පරගොඩ යන ප්‍රදේශවල මාර්ග සහ පහත් බිම් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර කළු ගඟේ මිල්ලකන්ද ජලමාපාංකය ඝන මීටර් 7.98ක් ලෙස සුළු ගංවතුර තත්ත්වයේ අද (12) පෙරවරු 8.00 වන විට සටහන් වී තිබුණා.

එමෙන්ම කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කොළොන්නාව ප්‍රදේශයේ පහත් බිම් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ වන විටත් කොළොන්නාව ප්‍රදේශයේ වැල්ලම්පිටිය, මෙගොඩ කොළොන්නාව, වෙන්නවත්ත, සේදවත්ත, බ්‍රැන්ඩියාවත්ත, කැළණිමුල්ල, කොහිලවත්ත ප්‍රදේශවල පහත්බිම් රැසක් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අද (12) පෙරවරු 8.00 වනවිට අත්තනගලු ඔයේ ජල මට්ටම ඊයේ (11) රාත්‍රියට වඩා ඉහළ ගොස් ඇති බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසනවා.

අද (12) පෙරවරු 8.00 වන අත්තනගලු ඔයේ දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර්  5.79ක් වශයෙන් සදහන්ව තිබුණා.

වර්ෂා පතනයේ වැඩිවීමක් අද (12) දිනයේ සිදුවුවහොත් ගම්පහ දිස්ත්‍රික්කයේ පහත් බිම් මෙන්ම ගම්පහ නගරය ද ජලය ගැලීමකට ලක්විය විය හැකි බව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.   

මේ අතර අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය පිටාර ගැලීම හේතුවෙන් ගම්පහ නගරය ආසන්න ගම්පහ – ජාඇල, ගම්පහ – ගනේමුල්ල ප්‍රධාන මාර්ග කිරිඳවිට ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා.

ඒ, හේතුවෙන් එම මාර්ගවල වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වඩිවෙල්ට - තොණ්ඩමන්ට - දිගම්බරන්ට මාලිමාවෙන් ඇන්න ටොක්ක - මාලිමා ප්‍රබලයෙක් වතුකරයට රිංගයි
01:27
Video thumbnail
ලක් අම්මට වෙච්ච නස්පැත්තිය ගැන සජබ ප්‍රබලයෙක් කටඅරී #sajithpremadasa
03:06
Video thumbnail
Breaking News🛑ඉන්දියාවේ තවත් බිහිසුණු දුම්රිය අනතුරක් #india #globalnews #breakingnews
01:07
Video thumbnail
වැඩ්ඩො දෙන්නෙක් සුද්දියොත් පුදුම වෙලා #shorts #viralvideo #trendingshorts #1miillionaudition
00:16
Video thumbnail
ජනමතය විකෘති තත්ත්වයක තියෙන්නේ - රටට හදන වැඩපිළිවෙල තියෙන්නේ අපි ගාව විතරයි #sjb
02:25
Video thumbnail
නිවැරදි කෙනෙක් බොරුවට සැක කළාම ප්‍රශ්න ගොඩක් මතුවෙන් පුළුවන්
08:25
Video thumbnail
ඇරෙස්ට් කරන්න මාව.. අශේන් දාපු සද්දේ
01:14
Video thumbnail
KASTHIRAMA |හි.පා.ම. ආශු මාරසිංහ සහ ජාතික ජන බලවේගයේ විධායක සභික නාමල් කරුණාරත්න සහභාගීවන කස්තිරම
01:38:40
Video thumbnail
අපි වාහන සංදර්ශන දැම්මේ නෑ.. වුණේ මේකයි
05:26
Video thumbnail
රනිල් ගිය පාරේ යන නිසා රට වැටෙන්නේ නෑ
02:28

?