කැළණි ගංඟා නිම්නයේ ප්‍රදේශවලට අධි අවදානම් ගංවතුර තත්ත්වයක්

කැළණි ගංඟා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වන විට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා.

එම වර්ෂා තත්ත්වය ද, කැළණි ගඟ ඉහළ ද්‍රෝණියේ පිහිටි ජලාශ වලින් පිටකරනු ලබන ජල ප්‍රමාණ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගංඟා ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම විශ්ලේෂණය අනුව මේ මොහොතේ සිට ඉදිරි පැය 24 ක කාලය තුළ කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශ වලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි අවදානම් ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවනු ලබනවා.

මේ තත්ත්වයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීම පිණිස දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත්, ඔබට හැකි උපරිම ආරක්ෂිත ස්ථානයක් කරා හැකි ඉක්මනින් ළඟාවන ලෙසත් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?