කැලණි ශ්‍රී පාද පෙරහැරට සියල්ල සූදානම් – සල්ලි නැතිව මල් විතරක් දෙන්න

කැලණියේ ශ්‍රී පාද පෙරහැර මෙවරත් අති උත්සවශ්‍රීයෙන් යුතුව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

කැලණි ශ්‍රී පාද පෙරහැර එකමුතුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; ගෞතම ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කරමින් සහ කැලණි රජමහා විහාරයේ සිට ශ්‍රී පාදස්ථානය වෙත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩම කිරීම සිහිකරමින් උතුම් කේෂ ධාතූන් වහන්සේලා හා සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් සධාතුක කරඬුන් වහන්සේ වැඩම කිරීමේ පෙරහැර දෙසැම්බර් මස 12 වැනි දිනදා උදෑසන 5.30ට කැලණි රජ මහා විහාරයෙන් ගමන් ආ‍රම්භ කිරීමට නියමිතයි.

කඩුවෙල, පාදුක්ක, ඉංගිරිය රත්නපුර හරහා පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරය වෙත එදින රාත්‍රියට එම පෙරහැර වැඩම කිරීමට නියමිත බවත් වාර්තා වනවා.

දෙසැම්බර් 13 වන දින පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සිට සුමන සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් පෙරහැර ද සමගින් එකම පෙරහරක් ලෙස ගමන් ආරම්භ කර ගෞතම ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කරනු ලබන අතර 14 වන දින ගෞතම ශ්‍රී පාද පද්ම කුටියේ එම සධාතුක ධාතු කරඬු වහන්සේ තැන්පත් කිරීමට නියමිතයි.

“කැලණි ශ්‍රී පාද පෙරහර එකමුතුව” සංවිධානය විසින් මෙම උතුම් කේෂ ධාතූන් වහන්සේලා හා සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් සධාතුක කරඬු වහන්සේ වැඩම කිරීමේ පෙරහැර සංවිධානය කරනු ලබනවා.

මග දෙපස සිටින බැතිමතුන්ගෙන් සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටින්නේ; මුදල් පරිත්‍යාගවලින් වැළකී මල් පමණක් සධාතුක කරඬු වහන්සේ වෙත පූජා කරන ලෙසයි.

මේ අතර මෙවර ශ්‍රී පාද වාරය දෙසැම්බර් 14 උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වනු ඇති.

WhatsApp Image 2024 12 10 at 20.37.25 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22