AFC Banner
AFC Banner
Empty Ad

කැලණි ගඟට පැන්න ව්‍යාපාරිකයාගේ සිරුර හමුවෙයි

විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ගේ පුත්‍රයෙකුගේ මළ සිරුරක් දින 6කට පසු වැල්ලම්පිටිය කොටුවිල කළු පාලම යට කැලණි ගඟේ පාවෙමින් තිබියදී හමු වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දොම්පේ තිත්තපත්තර ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකු වූ 42 දෙදරු පියෙක්.

ඔහු පසුගිය 22 වනදා ගිරිදර අමනබැද්ද පාලම අසලින් කැලණි ගඟට පැන අතුරුදන් වූ බවට දොම්පේ පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා.

කොලොන්නාව හදිසි මරණ පරීක්ෂකවරිය ඉදිරියේ මියගිය පුද්ගලයාගේ සහෝදරයකු පැමිණ මළ සිරුර හඳුනාගෙන තිබෙනවා.

ඒ දකුණු අතේ ගැටගසා තිබූ පිරිත් නූල්වලින් සහ ඇඟිල්ලක ඇතිව තිබූ ආබාධයකින්.

මළ සිරුර පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි. වැල්ලම්පිටිය පොලිසියේ පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?