කැලණි ගඟට පැන්න ව්‍යාපාරිකයාගේ සිරුර හමුවෙයි

විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ගේ පුත්‍රයෙකුගේ මළ සිරුරක් දින 6කට පසු වැල්ලම්පිටිය කොටුවිල කළු පාලම යට කැලණි ගඟේ පාවෙමින් තිබියදී හමු වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දොම්පේ තිත්තපත්තර ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකු වූ 42 දෙදරු පියෙක්.

ඔහු පසුගිය 22 වනදා ගිරිදර අමනබැද්ද පාලම අසලින් කැලණි ගඟට පැන අතුරුදන් වූ බවට දොම්පේ පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා.

කොලොන්නාව හදිසි මරණ පරීක්ෂකවරිය ඉදිරියේ මියගිය පුද්ගලයාගේ සහෝදරයකු පැමිණ මළ සිරුර හඳුනාගෙන තිබෙනවා.

ඒ දකුණු අතේ ගැටගසා තිබූ පිරිත් නූල්වලින් සහ ඇඟිල්ලක ඇතිව තිබූ ආබාධයකින්.

මළ සිරුර පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි. වැල්ලම්පිටිය පොලිසියේ පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31