මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා වන පරිදි කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ භික්ෂූන් වහන්සේ සිව් නමක් ඇතුළු සිසුන් හය දෙනෙකු කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් මෙම විරෝධතාව ගෙන ගියේ ඊයේ සවස් කාලයේ වන අතර පසුව පොලිසිය මැදිහත්වී පිරිස විසුරුවාහැරීමට කටයුතු කර තිබුණා.
කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දොරටුව අසලින් විරෝධතා පා ගමනක් ආරම්භ කර පසුව කොළඹ – නුවර මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම පිරිස විසුරුවා හැරිය බව පොලිසිය පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3















