AFC Banner
AFC Banner
Empty Ad

කැලණියට ආ ඩඩ්ලි සිරිසේනට සිසුන්ගෙන් විරෝධයක්

අද (14) දහවල් කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණි ව්‍යාපාරික ඩඩිලි සිරිසේනට එහි සිසුන්ගෙන් විරෝධතාවයක් එල්ල වුණා.

එම විශ්වවිද්‍යාලයේ සංවිධානය කර තිබූ වැඩසටහනකට සහභාගීවීම සඳහා ව්‍යාපාරික ඩඩිලි සිරිසේන එහි පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

වැඩසටහනෙන් පසු ඔහු විශ්වවිද්‍යාල භූමියෙන් පිටව යාමේ දී විශ්වවිද්‍යාල ගේට්ටුව අවහිර කරමින් සිසුන් මෙම විරෝධතාවයේ නිරතව තිබෙනවා.

විශ්වවිද්‍යාල සිසුන් එම අවස්ථාවේ දී විරෝධතාව සිදුකරමින් පවසා සිටියේ, මහා පරිමාණයෙන් සහල් තොග ගබඩා තුළ සඟවාගෙන ජනතාව පීඩනයට පත් කරන මෙවැනි පුද්ගලයින්ට විශ්වවිද්‍යාල භූමියට කැඳවා ගැනීම සම්බන්ධව මෙලෙස සිය විරෝධය පළකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
18
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?