කැලණිතිස්ස සති 6කට වැසේ

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස බලාගාරය සති 6ක කාලයක් සඳහා වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

ඊයේ (17) සිට එම බලාගාරයේ ගෑස් සහ වාෂ්ප ටර්බයිනයේ නඩත්තු කටයුතු හේතුවෙන් මෙලෙස වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

කැලණිතිස්ස බලාගාරය නැප්තා ඉන්ධනවලින් මෙගාවොට් 165ක ධාරිතාවකින් ක්‍රියාත්මක වනවා.

කැළණිතිස්ස සංයුක්ත විදුලි බලාගාරය මෙරට විදුලි පද්ධතියට එක් වූයේ 2002 වසරේ සිටයි.

මේ අතර නොරොච්චෝල බලාගායේ දෙවන ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීමට සිදුවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ හීටර් පද්ධතියේ ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන් දෙවන ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීමට සිදු වූ බවයි.

එය යථා තත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු බලාගාරයේ කාර්ය මණ්ඩලය විසින් ආරම්භ කර ඇතැයි ද නිවේදනයේ සඳහන්.

නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රයේ කටයුතු අවසන් කර ඇති අතර එහි පරීක්ෂණ ධාවන කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

ඒ අනුව එම යන්ත්‍රය ද ඉක්මින් විදුලි නිෂ්පාදනයට යොදා ගත හැකි බවටයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

දෙවන ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත වීම හේතවෙන් විදුලි සැපයුමට බාධාවක් නොවන අතර නඩත්තු කාලය තුල උපරිම වශයෙන් ජල විදුලිය නිෂ්පාදනය කර විදුලිය සැපයීමට කටයුතු කරන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සයුරපුර මහල් නිවාස සංකීර්ණයට හදිසියේම STF එකෙන් කඩා ප#යි..ගෙවල්වලට ෆුල් සුද්දයක් දෙන්නේ
01:16
Video thumbnail
අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අවුරුදු 2ක කාලයක් යයි
10:25
Video thumbnail
පුද්ගලයෙකුගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..කාර් එක කුඩේ කුඩු - ෆ්ලැට් වෙලාම ගිහින්
01:10
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි
00:42
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
00:00
Video thumbnail
මොනාද අනුර කුමාර මේ කරන පජාත වැඩ..?
07:29
Video thumbnail
පෙළපාලියේ සිංහයාගේ අනුරුව පිළිකන්නට දාලා?ණයවෙලා ගේන ඩබල් කැබ්වල යන්නත් එපා අභිමානයක් නෑ
07:51
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.02.2026
08:25:33
Video thumbnail
ඔයාලා බත් ද කන්නේ - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:59


?