නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස බලාගාරය සති 6ක කාලයක් සඳහා වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.
ඊයේ (17) සිට එම බලාගාරයේ ගෑස් සහ වාෂ්ප ටර්බයිනයේ නඩත්තු කටයුතු හේතුවෙන් මෙලෙස වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
කැලණිතිස්ස බලාගාරය නැප්තා ඉන්ධනවලින් මෙගාවොට් 165ක ධාරිතාවකින් ක්‍රියාත්මක වනවා.
කැළණිතිස්ස සංයුක්ත විදුලි බලාගාරය මෙරට විදුලි පද්ධතියට එක් වූයේ 2002 වසරේ සිටයි.
මේ අතර නොරොච්චෝල බලාගායේ දෙවන ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීමට සිදුවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ ප්‍රකාශ කළා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ හීටර් පද්ධතියේ ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන් දෙවන ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීමට සිදු වූ බවයි.
එය යථා තත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු බලාගාරයේ කාර්ය මණ්ඩලය විසින් ආරම්භ කර ඇතැයි ද නිවේදනයේ සඳහන්.
නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රයේ කටයුතු අවසන් කර ඇති අතර එහි පරීක්ෂණ ධාවන කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.
ඒ අනුව එම යන්ත්‍රය ද ඉක්මින් විදුලි නිෂ්පාදනයට යොදා ගත හැකි බවටයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.
දෙවන ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත වීම හේතවෙන් විදුලි සැපයුමට බාධාවක් නොවන අතර නඩත්තු කාලය තුල උපරිම වශයෙන් ජල විදුලිය නිෂ්පාදනය කර විදුලිය සැපයීමට කටයුතු කරන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.